අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ නගර ව්‍යාපෘතියේ ඉඩම් සියල්ලේ සින්නක්කර අයිතිය රජයට

    අගෝස්තු 02, 2016
    කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියේ මුල් ගිවිසුම අනුව එම භූමියෙන් හෙක්ටයාර් 20ක භූමි භාගයක් සින්නකර පදනමින් එම සමාගම වෙත ලබාදීමට යෝජිත ව තිබුණ ද ඉදිරියේ දී එළැඹීමට නියමිත නව ගිවිසුම අනුව එහි සම්පූර්ණ අයිතිය රජය සතු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    යෝජිත ගිවිසුම අනුව ඉඩම් සියල්ලම 99අවුරුදු බදු පදනම මත ලබාදීම සිදු කෙරෙන අතර සින්නක්කරව ලබාදීමට තිබූ හෙක්ටයාර 20ක කොටස ද රජයට අවශ්‍ය නොවන්නේ නම් 99අවුරුදු බදු පදනම මත බදු ගැනීමට එම සමාගමට හැකිවේ.
     
     
    එමෙන් ම මෙම ව්‍යාපෘතිය අත්හිටුවීම හේතුකොට ගෙන චීන සමාගම විසින් අලාභහානි අයකර ගැනීමට තීරණය කොට තිබූ නමුත් ජනාධිපති‍ මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ චීන සංචාරවලදී නිර්මාණය වූ සුහදත්වය මත එම අලාභයන් අය කර නොගැනීමට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් හෙක්ටයාර 02ක පමණ භූමියක් එම සමාගම වෙත ලබාදීමට යෝජිතය.
     
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    සංශෝධනවලින් සමන්විත ව නව ගිවිසුම සඳහා ඉදිරියේ දී අත්සන් තැබෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya