අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර ඔයාමඩුවට පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක්

    අගෝස්තු 02, 2016
    ත්‍රිවිධ හමුදාවන්ට අයත් පුපුරන ද්‍රව්‍ය සහ වාණිජමය පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ජනගහනය අඩු ප්‍රදේශයක ගබඩා සංකීර්ණයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති අතර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විධිමත් ගබඩා සංකීර්ණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ප්‍රදේශයේ ඉදි කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.
     
    අවම ජනගහනයක් වාසය කරනු ලබන ස්ථානයක පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සුදුසු බැවින්, දැනට විවිධ ස්ථානයන්හි ගබඩා කර ඇති, ත්‍රිවිධ හමුදාවන්ට අයත් පුපුරන ද්‍රව්‍ය හා වාණිජමය පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා මෙම ගබඩාව යොදා ගනු ඇත.
     
    උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශයන්හි හමුදා මෙහෙයුම් පැවති කාල වකවානුව තුළ ක්‍රියාන්විත කටයුතු සඳහා භාවිත කරන ලද පතරොම් හා වෙඩි ද්‍රව්‍ය විවිධ ස්ථානවල තාවකාලිකව ගබඩා කරන ලද අතර, ඒවා නිසි පරිදි ගබඩා කර තැබීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගබඩා සංකීර්ණයක් ජනගහනය අඩු ප්‍රදේශයක ඉදි කිරීමට 2011 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 
     
    ක්‍රමානුකූලව පතරොම් සහ අවි ගබඩා ජන ශුන්‍ය ප්‍රදේශයන් හි ස්ථානපනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බවත් ඒ අනුව ඉදිරියේ දී පතරොම් ගබඩා ස්ථාන වෙනස් කිරීමට කටයුතු කරන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya