අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    My Number තාක්ෂණය හඳුන්වා දීමට ජපානයෙන් මිලියන 120ක්

    ජූලි 28, 2016

    මිලියන 120 ක ජපන් ජනතාවගේ දෛනික ජීවිතයේ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීම සඳහා නවීන තාක්ෂණය මගින් හඳුන්වාදී ඇති My Number සංකල්පය ශ‍්‍රී ලංකාවට ද හඳුන්වා දීමට ජපානය සිය කැමැත්ත පළ කර ඇත.

    ජපාන පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රී Fukuda Sensai මහතා ඊයේ (27)  ජනාධිපති නිල නිවසේදී ජනාධිපති  මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ දී මේ බව ප‍්‍රකාශ කර තිබේ.

     

    නවතම තාක්ෂණය සම්බන්ධ කරගෙන පුද්ගලයන්ගේ සියලු දත්තයන් ඇතුළත් කරමින් දෛනික ජීවිතයේ සියලු අවස්ථාවන් වෙනුවෙන් යොදා ගත හැකි වන සේ විද්‍යුත් කාඩ්පතක් ලබාදීම My Number සංකල්පය තුළින් සිදුවේ.

     

    අදාළ අංශ සමග සාකච්ඡා කොට මෙම නව තාක්ෂණ ක‍්‍රමවේදය යොදා ගැනීමට ඇති හැකියාව සොයා බලා කඩිනමින් ඒ සඳහා පියවර ගන්නා බවට මෙහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    නිල සංචාරයක් සඳහා ජපානයට ගිය අවස්ථාවේ ජපන් තාක්ෂණය දැක තමා පුදුමයට පත්වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා නවීන ජපන් තාක්ෂණය ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමට ජපානය ගත් තීරණයට සිය ස්තූතිය ද පළ කළේය.

     

    ජපන් සංචාරය අතරතුරදී එරට අග‍්‍රාමාත්‍ය Shinzō Abe මහතා ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා තමන්ට කළ ආරාධනය ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළ අතර නැවත ජපානයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජපාන පාර්ලිමේන්තු ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රී Fukuda Sensai මහතා ජනාධිපතිතුමාට ආරාධනයක් ද කළේය.

     

    මේ අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichi Suganuma මහතා ද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya