අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ආරක්‍ෂක ලේකම් මුණගැසේ

    ජූලි 15, 2016

    නිල සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණි ඇමෙරිකානු මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, කම්කරු අයිතීන් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොවුස්කි මහතා (American Assistant Secretary for Democracy, Human Rights & Labour Tom Malinowski) ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය දින ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමුවිය.

    ඇමෙරිකානු දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රිත් සිංග් ආනන්ද් මහතා (Manpreet Singh Anand, US Deputy Assistant Secretary South & Central Asian Affairs) සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජිත රොබට් හිල්ටන් මහත්වරු (Robert Hilton, Chargéd Affaires of the US Embassy in Colombo) එම නියෝජිත පිරිසට ඇතුලත් විය.

     

    මෙහිදී ඇමරිකානු දුතපිරිස සහ ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයා අතර ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු රැසක් සාකච්ඡාවූ අතර හමුව අවසානයේ ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් ටොම් මලිනොවුස්කි මහතා වෙත සිහිවටනයක් පිරිනැමීම ද සිදුවිය.
    ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුධ හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ.

     

    ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය සමග දෙදින සංචාරයක් සඳහා ටොම් මලිනොවුස්කි මහතා  අතුළු පිරිස දිවයිනට පැමිණ සිටිති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya