අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසේ සුද ඉවත් කිරීම- රෝගීන්ට අක්ෂි කාච නොමිලේ

    ජූනි 30, 2016

    දිවයින පුරා රජයේ රෝහල්වලදී සෑම වසරකම සිදු කරන ලක්ෂයකට ආසන්න ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සදහා භාවිතා කරන අක්ෂි කාච නොමිලේ රෝගීන්ට ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෙත උපදෙස් ලබාදී තිබේ.


    ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සදහා ලක්ෂ 10 කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛණයේ රැදී සිටිති. අක්ෂි රෝග වෛද්‍යවරුන් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ, අක්ෂි කාච අලෙවිකිරීම සදහා විවිධ සමාගම්වල නිලධාරීන් අක්ෂි රෝහල ආසන්නයේ සැරිසරන බවය.

    එමෙන්ම ගුණාත්මකභාවයෙන් යුතු හොදම අක්ෂි කාච රුපියල් 10,000 ත් 12,000 ත් අතර මුදලකට ලබාගත හැකි බවත්ය.

    දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 වැඩසටහන යටතේ ලබාදෙන අක්ෂි කාචයක වටිනාකම රුපියල් 2000 ක් වෙයි.මෙතෙක් දුප්පත් රෝගීන්ට පමණක් මෙම අක්ෂි කාච ලබාදුන් අතර  අනෙක්රෝගීන්ට පෞද්ගලික අංශයෙන් අක්ෂි කාච මිලදී ගෙන ශල්‍ය කර්ම සිදු කිරීමට පියවර ගෙන තිබුනි. එහෙත් සියළුම රෝගීන්ට නොමිලේ අක්ෂි කාච වෛද්‍ය සැපයුම් අංශය හරහා ලබාදීමට පියවර ගැනීමෙන් නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මකව ක‍්‍රීයාත්මකවන බව රටට පෙන්වාදීමට හැකිවන බව ද අමාත්‍යවරයා පවසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya