අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ගතවූ ශ‍්‍රමිකයින් 3259 දෙනෙකු වෙනුවෙන් රක්‍ෂණ වන්දි කෝටි 21ක් ගෙවයි

    ජූනි 28, 2016

    ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ‍්‍රමිකයින් 3259 දෙනෙකු වෙනුවෙන් රක්‍ෂණ වන්දි වශයෙන් පසුගිය වසර එක හමාර තුළ එනම්  2015 ජනවාරි සිට 2016 මැයි දක්වා කාලය තුළ රුපියල් විසි එක් කෝටි විසි අට ලක්‍ෂයක් (රු212,873,696.00 ගෙවා තිබේ.

    එතෙර රැකියාවේ නිරතව සිටියදී සිදුවූ අසනීප,විවිධ කරදර හිරිහැර, හදිසි අනතුරු සඳහා මෙම රක්‍ෂණ වන්දි ගෙවා තිබේ. කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ‍්‍රමිකයින්ට රක්‍ෂණ වන්දි ලබාගත හැකි අතර කාර්යාංශයේ ලියාපදිංචිය වසර දෙකකි.

     

    එහෙත් ඉන්අනතුරුව තවදුරටත් සේවයේ යෙදෙනවා නම් ලියාපදිංචිය අලූත් කර ගත යුතුය. කාර්යාංශයේ ලියාපදිංචිවීම  තුළ රක්‍ෂණයද නොමිලේ හිමිවේ. 2015 ජනවාරි සිට 2016 මැයි දක්වා කාලය තුළ  විදේශ රැකියාවේ නිරතව සිටියදී සිදුවූ මරණ 315ක් සඳහා යැපෙන්නන්ට රුපියල් තිස්කෝටි දොලොස් ලක්‍ෂයක්  ගෙවා තිබේ.

     

    ස්වභාවික මරණ,හදිසි අනතුරු මරණ හා අසනීප හේතුවෙන් සිදුවන මරණ සඳහා වන්දි මුදල් ලබාගත හැකිය.එසේම රක්‍ෂිතයා ශ‍්‍රී ලංකාවට පැමිණ මාස 03ක් ඇතුළත සිදුවන මරණ සඳහාද වන්දි ලබාගත හැකිය. කෙසේවුවද රක්‍ෂණ හිමිකම් ප‍්‍රතිලාභ නීතිරීති අනුව සියදිවි හානි කරගැනීම සඳහා වන්දි ලබාගත නොහැකිය. විදේශයකදී සිදුවන මරණයකදී රුපියල් ලක්‍ෂ 5ක්ද  ලංකාවට පැමිණ සිටියදී සිදුවන මරණයකදී රුපියල් දෙලක්‍ෂ පනස් දහසක්ද  වන්දි වශයෙන් පිරිනැමේ. මේ අතර කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල මඟින්ද පුද්ගලයින් 80 දෙනෙකු සඳහා රුපියල් ලක්‍ෂ 95ක වන්දි ගෙවා තිබේ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීම නිසා මෙම ප‍්‍රතිලාභ හිමිවන අතර  ලියාපදිංචි නොවූ අය කෙරෙහි කාර්යාංශයේ වගකීමක් නොමැති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කියා සිටී. ලියාපදිංචි ශ‍්‍රමිකයින්ට පමණක් රක්‍ෂණ වන්දි ප‍්‍රමාදයකින් තොරව ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් අමාත්‍යවරියගේ උපදෙස් පරිදි ආරම්භ කොට තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya