අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වවුනියාව ආර්ථික මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කඩිනමින් අරඹනවා

    ජූනි 28, 2016

    වවුනියාව නගරයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති ආර්ථික මධ්‍යස්ථානයේ  වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.


    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පසුගියදා වවුනියාව  දිස්ත්‍රික්කයේ  සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි. සම්බන්ධීකරණ කමිටු රැස්වීම, සම සභාපතිවරුන් වන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මහ අමැති   සී. වී. විග්නේශ්වරන්, පාර්ලිමේන්තු කණ්ඩායම් උප නායක සෙල්වම් අඩෙක්කලනාදන්  යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

     

    පසුගිය මාසයේ පවත්වන ලද  දිස්ත්‍රික්ක  සංවර්ධන  කමිටු රැස්වීමීදී  වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  සහ පළාත් සභා  මන්ත්‍රීවරුන්ගේ පූර්ණ  සහයෝගය   මත මෙම ආර්ථික මධ්‍යස්ථානය  ඉදී  කිරීමට තීරණය කර , ඊට අදාළ ස්ථානය තෝරාගන්නා  ලදී .
     
     
    මෙම අවස්ථාවේදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ  පූර්ණ අධීක්ෂණයෙන් වවුනියා  නගරයේ,ඉදි  කිරීමට සැලසුම් කර ඇති මෙම ආර්ථික මධ්‍යස්ථානයෙන් වවුනියාව  සහ  ඊට ආසන්න ප්‍රදේශ වල වෙසෙන ගොවියන්, ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන්ටද ඉමහත් සේවයක් සැළසිය හැකි බවය.

    මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටු රැස්වීමේ දී වවුනියා දිස්ත්‍රික්කයේ සංවර්ධනයට වෙන් කර ඇති රුපියල් මිලියන 3000 යොදාගත යුතු අංශ පිළිබඳව ද  සාකච්ඡා කළ අතර යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන ලබා දීම,විදුලි පහසුකම් සැපැයීම, නිවාස අහිමි වූ ජනතාවට  නිවස ඉදි කරදීම,මහා මාර්ග අළුත්වැඩියා කිරීම වැනි අංශ සඳහා ප්‍රමුඛස්ථානය දීමට තීරණය කර ඇති බව ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya