අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "Future Minds" ප්‍රදර්ශණය Kandy City Centre හී දී

    ජූනි 25, 2016

    Future Minds - 2016 ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශණය අද පෙ.ව.9.00 ට නුවර Kandy City Centre හීදි ආරම්භ වේ.

    මෙම ප්‍රදර්ශණය ජුනි 25 හා 26 යන දිනයන්හීදි පෙ.ව. 9.00 සිට ප.ව.6.00 දක්වා පැවැත්වේ. කොළඹ නාලන්ද කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙහි තේමාව වනුයේ "නව දශකයක්" යන්නයි.

    මෙම ප්‍රදර්ශණය පාසැලෙන් නික්මෙන දු දරුවනට තම අනාගතය සුරක්ෂිත කිරීම උදෙසා කාර්යක්ෂම වෘත්තීය සැලසුම්කරණයක් සදහා විවිධ මංමාවත් විවර කර දෙන අවස්ථාවකි. මෙහිදී තරුණ තරුණියන්ට තම දෙමාපියන් සමගම පැමිණ තමන්ට අනාගතයේදී යොමුවියහැකි සුදුසු ක්ෂේත්‍රයක් තෝරාගැනීමට අවස්ථාව සැලසේ. මෙහිදී මේ සදහා උපදේශන සේවාව ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර මේ සදහා උසස් අධ්‍යාපන ආයතන හා සන්නිවේදනය සදහා අවශ්‍ය පහසුකම් සලසා ඇත.

    මෙහි ප්‍රදර්ශණ කුටි 75 ක් ස්ථාපිත කර ඇති අතර මේ සදහා උසස් අධ්‍යාපන ආයතන 50 ක් පමණ දායකත්වය දක්වයි.


    මෙම වැඩ සටහන යටතේ පවත්වනු ලැබු Future Minds Talent tank තරඟාවලියේ සිංහල හා ඉංග්‍රිසි රචනා තරඟ,ඩිජිටල් ජායාරැප තරඟයේ ජයග්‍රාහක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීමද පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දී සිදු කෙරිණි.

    දකුණු පළාතේ තරුණ තරුණියන් වෙනුවෙන් මෙම ප්‍රදර්ශණය ගාල්ලේ නගර ශාලාවේදී සැප්තැම්බර් 03 හා 04 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    AP

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya