අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්කොළවලින් තොර ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට වැඩසටහන් රැසක් -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ජූනි 24, 2016

    ශ‍්‍රී ලංකාවේ දෛනිකව දුම්පානය කරන්නන්ගෙන් සියයට 03 ක් පාසල් දරුවන් බව අනාවරණය වී තිබෙන බවත් දුම්කොළවලින් තොර ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් රැසක් දියත් කර තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

     ''2020 දුම්වැටියෙන් තොර ශ‍්‍රී ලංකාවක්” යන්න තේමා කර ගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

     

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා - දුම්කොළ මානව සම්පත විනාශ කිරීමට පැමිණි ඛේදවාචකයක් ලෙස මම හදුන්වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව විසිවන ශතවර්ෂය තුල දුම්කොළ භාවිතය හේතුවෙන් මරණ මිලියන 100 ක් සිදුව තිබෙනවා.21 වන ශතවර්ෂය අවසන් වනවිට එය බිලියනයක් වනු ඇතැයි පුරෝකථනය කරනවා. දුම්කොළ භාවිතයෙන් වාර්ෂිකව මියයන සංඛ්‍යාව මිලියන 06 ක්.  තමන් දුම්පානය නොකර දුම්පානය කරන අය ළඟ සිටිමෙන් වාර්ෂිකව ලක්ෂ 06 ක් පමණ ලෝකය පුරා මියයනවා. 2030 වනවිට එම තත්ත්වය ලක්ෂ 10 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර තිබෙනවා. පළමු හා දෙවන ලෝක යුද්ධයෙන් සිදු වූ මරණවලට වඩා දුම්කොළ භාවිතයෙන් සිදුවන මරණ වැඩියි. මෙම ඛේදවාචකය සමාජයෙන් ඉවත් කළ යුතුයි.

     

    දුම්කොළවලින් තොර ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. ලෝකයේ දුම්පානය කරන්නන් මිලියන 1000 ක් සිටින බව ආනාරණය කරගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ දෛනිකව දුම් පානය කරන්නන්ගෙන් සියයට 03 ක් පාසල් දරුවන් බව අනාවරණය වී තිබෙනවා. 2015 වසරේ සිදු කළ  සංගණනයේ දී ශ‍්‍රී ලංකාවේ දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව සියයට 23.4 ක් බව හෙලි වුණා. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ වෙනස්කම් රැසක් සිදුකර තිබෙනවා.රෝග රැසකට හේතුවන දුම්පානය හා මත්පැන් භාවිතය මෙරටින් තුරන් කළ  යුතු බව ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.

     

    දුම්වැටියට විවිධ රසායනික ද්‍රව්‍ය 700 ක් ඇති අතර පිළිකාජනක රසායන ද්‍රව්‍ය 69 ක් ඇති බව සොයාගෙන තිබෙනවා.සෞඛ්‍ය ගැටළු මතු කරන රසායනික ද්‍රව්‍ය 250 ක් ද එහි ඇතුළත් දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය ස්ථාපිත කිරීමෙන් පසු දුම්කොල භාවිතය අවම කිරිම සදහා වැඩසටහන් රැසක් දියත්කර තිබෙනවා.පිළිකා සහ හෘද රෝගවලට සෘජුවම බලපාන්නේ දුම්පානයයි.ලෝක සෞඛ්‍ය සංවිධානය තායිලන්ත රජය සමග ඒකාබද්ධව දුම්කොළ භාවිතය අවම කිරීම සහ වාර්ෂිකව යන වියදම පිළිබඳව දල ඇස්තෙමින්තුවක් සකස් කර තිබෙනවා.

     

    දුම්කොළ භාවිතය හේතුවෙන් සිදුවන සෞඛ්‍ය ගැටළුවලට ප‍්‍රතිකාර කිරීම සදහා ලෝකය පුරා වැය කරන මුදල රුපියල් බිලියන 222.8 ක්. එම තත්ත්වය අවම කරගතයුතුයි.  දුම්කොළ  හා මත්පැන් සදහා අය කරන බදු ප‍්‍රතිශතය සියයට 90 දක්වා වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.ඒ සදහා විශේෂකැබිනට් පත‍්‍රීකාවක් කඩිනමින් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya