මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා රටවලට මෙරටින් අපනයන කෙරෙන ප්‍රථම මත්ස්‍ය තොගය භාරදෙයි

    ජූනි 17, 2016

    යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඊයේ (16) ඉවත් කිරීමෙන් පසු, යුරෝපා රටවලට මෙරටින් අපනයන කෙරෙන ප‍්‍රථම මත්ස්‍ය තොගය ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩේවිඩ් ඩලී (David Daly) මහතා වෙත භාර දීම අද (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායේදී සිදු කෙරිණි.

    යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් කිරීම මෙහිදී යුරෝපා සංගම් තානාපති ඩේවිඩ් ඩලී මහතා නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය.

    අනතුරුව යුරෝපා සංගමයේ රටවලට අපනයනය කිරීම සඳහා ප‍්‍රථම මත්ස්‍ය තොගය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය සහ තානාපතිවරයා විසින් ව්‍යාපාරිකයින් වෙත භාර දෙනු ලැබීය.

    ඉන් අනතුරුව පැවැති උත්සවයේ දී කතා කළ ලේකම්වරිය යුරෝපා සංගමය විසින් පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම නිසා ශ්‍රී ලංකාවට මත්ස්‍ය අපනයනයෙන් ලැබුණ ආදායම යුරෝ මිලියන‍ 73 සිට 19 දක්වා පහත වැටුන බව පැවසුවාය.

    ශ්‍රී ලංකාවට පනවා තිබූ මෙම මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමට පසුගිය අප්‍රේල් 21 වන දා යුරෝපා සංගමය ගෙන තිබූ තීරණය යුරෝපා පාර්ලිමේන්තු මගින් අනුමත කරනු ලැබුවේ ජුනි 16 වන දා බව ද ලේකම්වරිය කීවාය.

    මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අධිකාරි මහත්මිය යුරෝපා සංගමය විසින් ලබා දී තිබෙන මෙම අවස්ථාව නැවත කිසි දිනෙක අහිමි කර ගැනීමට කටයුතු නොකරන ලෙසට තමා ධීවර ප්‍රජාවගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya