අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි කරුණක්

    මැයි 05, 2016

    ව්‍යවස්ථාදායකය තුළ සිදු වන ආචාර ධර්ම කඩකිරීමේ අවස්ථාවලදී පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ ජනතා නියෝජිතයින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනයාමට පවා බලතල හිමිවන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

     

    මෙවැනි අවස්ථාවල ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ බලතල ස්ථාවර නියෝග  72, 74, 76 සහ 77 යන වගන්තිවලින් සහ  පාර්ලිමේන්තු වරප්‍රසාද පනත මගින් කතානායකවරයාට පැවරී තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

     


    අවස්ථා 03ක් යටතේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට දඩුවම් නියම කළ හැකි බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ අනුව පළමුව සතියක පසුව  සති දෙකක  සහ මාසයක් වශයෙන් පාර්ලිමේන්තුව අත්හිටුවිය හැකි බව ද පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya