මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට සංවර්ධනය කිරීමේදී ජාතික ආරක්ෂාවට තඹ ශතයක හානියක් කරන්නේ නැහැ - ඇමති අර්ජුන රණතුංග

    මාර්තු 06, 2016

    රට සංවර්ධනය කිරීමේදී ජාතික ආරක්ෂාවට කිසිඳු ආකාරයේ හානියක් නොකරන බව   වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  පවසයි.


    ආයෝජකයින් එන්නේ සිංග්පූරුවෙන්ද චීනයෙන්ද ජපානයෙන්ද ඉතියෝපියාවෙන්ද කියන කරුණ වැදගත් නොවන බවයි.

    අයෝජකයින් කවුරු වුණත් ඔවුන්ට අවස්ථාව ලබා දීමේදී එකී ආයෝජන රටේ නීතියට අනුකූලද යන්න අනිවාර්යෙන්ම සෙවිය යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේබව කියා සිටියේ, පසුගිය දා  ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ පැවති රැස්වීමකට සහභාගි වෙමිනි.

    ඕනෑම ව්‍යාපෘතියක් ක‍්‍රියා කළ යුත්තේ රජයේ ප‍්‍රතිපත්තියක් මතයි. තනි තනි පුද්ගලයින්ගේ අවශ්‍යතා මත රජය කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කරන්නේ නැහැ. රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන අත්‍යවශ්‍යයි. විදේශ ආයෝජන අපිට නතර කරන්න බැහැ.

     

    1980 දශකයේදී සිංගප්පූරුව තමන්ගේ සංවර්ධන ව්‍යාපෘති දියත් කළේ විදේශ ආයෝජනවලින්. නමුත් ශ‍්‍රී ලංකාව එදා විදේශ ආයෝජන කෙරෙහි අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා සිංගපූරුව දියුණු වුණා. අපිට සංවර්ධනය වෙන්න බැරි වුණා. මෙයින් පාඩමක් ඉගෙන ගෙන දැන් අපි ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකයට හානි නොවන විදේශ ආයෝජන සඳහා මේ රටේ ඉඩ ලබා දිය යුතුයි.


    අද ජාතික ආණ්ඩුව සංවර්ධන වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරමින් සිටිනවා. එය නිවැරදිද වැරදිද කියලා මහජනතාව තීරණය කරයි. නමුත් මම වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රටේ ආරක්ෂාවට තර්ජනය වන කිසිම දෙයක් කරන්නේ නැහැ. විපක්ෂනායක ආර්. සම්පන්දන් මැතිතුමා ඇතුළු අපි සියලූ දෙනාම එතැන සිටිනවා. අයෝජකයෝ එන්නේ රටේ තියෙන තීනියත් එක්ක. නමුත් කවුරුත් අමතක කරන්න එපා පසුගිය කාලේ රටේ නීතියක්තිබ්බේ නැහැයැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ පැවති රැස්වීමේ මූලික අරමුණ වූයේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත‍්‍රිකුණාමලය ඉඩම්හි පවතින ගැටළු සාකච්ඡා කිරීමයි. මෙම සාකච්ඡාවට විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා ඇතුළු මහජන නියෝජතයින්ද රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya