අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඛනිජ තෙල් ව්‍යාපාරය පුද්ගලීකරණය කරන්නේ නැහැ.-නි. අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ

    ජනවාරි 16, 2016
    රජය සතු ඛනිජතෙල් ව්‍යාපාරය හෝ පෙට්‍රෝලියම් ආයතන පුද්ගලීකරණය කිරීමට සූදානම් වනවා යැයි ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන්ගේ අංශුමාත්‍රයක් හෝ සත්‍යයක් නොමැති බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවාය.
    ලංකා ඛනිජතෙල් සංස්ථාවේ  සහ ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින් ඇගයීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ  පැවති  රන් තිලිණ ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් එ් මහත්මිය මේ බව කියා සිටියාය.
     
    මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ, ආයතන පුද්ගලීකරණය නොකළ ද එහි සේවකයින් සියලූ දෙනා පුද්ගලික අංශය තුළ දක්නට ඇති ඵලදායීතා මට්ටම් සහ කාර්යක්ෂමතා මට්ටම් කරා ලඟා වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
    එදිනෙදා ජීවිතයේ දී හමුවන බොහෝ දෙනෙක් ඛනිජතෙල් විෂය සම්බන්ධයෙන් තමාගෙන් විමසන කරුණු දෙකක් පිළිබඳව ද අනෝමා ගමගේ මහත්මිය මෙහිදී අනාවරණ කළාය.
     
    ඉන් වැඩි පිරිසකගේ ප්‍රශ්නය වන්නේ, ඛනිජතෙල් මිල තවදුරටත් අඩු කරන්නේ ද යන්නයි. පසුගිය වසරේ නව ආණ්ඩුව පත්වීමෙන් පසු ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් ඛනිජතෙල් මිල විප්ලවීය පරිවර්තනයක් කරමින් විශාල ප්‍රමාණයකින් අඩු කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගත්තේය. එවැනි පසුබිමක් තුළ ඛනිජතෙල් මිල යළි පහත දැමීමක් පිළිබඳ මේ මොහොතේ සූදානමක් නොමැති බව එතුමිය සඳහන් කළාය.
     
    තවද, අනෙක් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය වී ඇත්තේ ඛනිජතෙල් සංස්ථාවේ හෝ ඒ ආශ්‍රිත ආයතන වල රැකියා පුරප්පාඩු පවතිනවා ද යන්නයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යතුමිය සඳහන් කළේ, පසුගිය පාලන සමයේ දී කිසිඳු විගණනයකින් හෝ ගණන් තැබීමකින් තොරව මෙම ආයතන තුළට සේවකයින් බඳවා ගෙන ඇති පසුබිමක් තුළ නව රැකියා අවස්ථා ලබා දීම දැඩි දුශ්කර කාර්යයක් බවයි.
     
    තෙල් මිල අඩු කිරීම හෝ නව රැකියා ලබා දීමට වඩා, මේ මොහොතේ වඩාත් වැඩි සැලකිල්ලක් යොමු කළ යුත්තේ දීර්ඝ ගාලයක සිට පාඩු ලබන ආයතනයක් වන මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් දක්වා උසස් කිරීම බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.
     
    මෙම අවස්ථාවේ දී වසර 25 ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයින් 304 දෙනෙකු විෂය භාර අමාත්‍ය නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය අතින් රන්තිලිණ ලැබීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya