අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම් දැඩි කරන්න -අමාත්‍ය මහින්ද අමරවීර

    ජනවාරි 13, 2016
    එළඹෙන තෛයිපෝන්ගල් දිනය අවසන් වූ වහාම ශ්‍රී ලංකා මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම් දැඩි කරන්නැයි නාවික හමුදාවෙන් හා වෙරළාක්ෂක බළකායෙන් ඉල්ලීමක් කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
    උතුරු පළාතේ ධීවර සංගම් සමග යාපනය දිස්ත්‍රික් ධීවර කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වසර 30කට අධික කාලයක් පැවති කුරිරු යුද්ධය අවසන් වුවත්, ඉන්දීය ධීවරයින් විසින් සිදුකරන මෙම ට්‍රෝලිං ක්‍රමය නිසා උතුරේ ධීවර ජනතාවට ධීවර සම්පත් නිසිලෙස නෙළාගැනීමට හැකියාවක් නොමැතිවීමත්, ඉන්දීය ධීවරයන් අඛණ්ඩව මෙම කාර්යයන්හි නිරත වන නිසාත්, අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය වැඩි කිරිමට තීරණය කර ඇති බවයි.
     
    තවද මෙම අවුරුද්ද අවසන් වන විට බෝට්ටු 500 කට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා නාවික හමුදාව හා වෙරළාක්ෂක බළකායෙන් ඉල්ලීමක් කළේය. මෙම බොටම් ට්‍රෝලිං ක්‍රමය නිසා ධීවර ජනතාවට පමණක් නොවෙයි මුහුදු පතුලද විශාල ලෙස විනාශ වන අතර, මත්ස්‍ය සම්පතත්, මහ මුහුදත් අපට අහිමි වන බව පවසන අමත්‍යවරයා, ඒ සම්බන්ධව ඉන්දීය මධ්‍යම රජය හා ඉන්දීය මහකොමසාරිස්තුමා දැනුවත් කළ අතර, ඒ සඳහා ඉන්දියාවේ අවධානය යොමුවී ඇති බව සඳහන් කළේය. 
     
    අත්අඩංගුවට ගන්නා දැල් ආම්පන්න හා බෝට්ටු කිසිසේත් ඔවුන් වෙත ලබානොදෙන අතර, ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරන බව පවසන අමාත්‍යවරයා, උතුරේ ධීවර ජනතාවට ආදායම අහිමිවීම පිළිබඳව අවධානය යොමුකර, කැබිනට් පත්‍රිකාවක් මගින් එම අයට සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තුවන බවත්, වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරී මහත්මිය, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා ඇතුලු ධීවර සංගම් නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya