අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික වෙදකම්වලට, ලෝක වෙළඳපොල තුළ ඇති ඉල්ලූම කෙරෙහි අවධානය.

    ජනවාරි 13, 2016
    පාරම්පරික වෙදකම හා සම්බන්ධ ඖෂධ පැළෑටි අපනයනය කිරීමෙන් ඉතා පහසුවෙන්ම ඩොලර් බිලියන 1.5ක වාර්ෂික ආදායමක් ලබා ගත හැකි බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මහතා පවසයි.
    ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා  මෙසේ පැවසීය.
     
    ලෝක වෙළඳපොළ තුළ මේ වන විට පාරම්පරික වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් කෙරෙහි විශාල අවධානයක් යොමුව ඇති අතර ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා අමරිකානු ඩොලර් බිලියන 140ක පමණ විශාල ඉල්ලූමක් පවතියි.
    එම ඉල්ලූමෙන් 1% පමණ ප්‍රමාණයක් සැපයීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි මේ වන විටත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
     
    රට තුළ යලිත් පාරම්පරික වෙදකම සම්බන්ධයෙන් ඇති උනන්දුව හා ඒ ආශ්‍රිත ශාක හා නිෂ්පාදන නිපදවීම ප්‍රවර්ධනය කිරීමට දිරිගැන්වීමේ වැඩසටහනක් දියත් කිරීමට ද මේ වන විටත් කටයුතු කරමින් සිටියි.
     
    සෑම නිවසකම පාරම්පරික වෙදකමට අවශ්‍ය ඖෂධීය පැළෑටි වගා කළ හැකි බවත් එම පැළෑටි හා නිෂ්පාදන ඉතා ඉහළ මිලකට අළෙවි කිරීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කර දීමට රජය කටයුතු කිරීමෙන් පසු, එලෙස තම ගෙවත්තේ වගා කරන ඖෂධිය පැළෑටි මගින් විශාල පුද්ගලික ආදායමක් ලබා ගත හැකි වනු ඇති බව ද දයා ගමගේ මැතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.
     
    එසේම, දීඝවාපී පූජා භූමිය ආශ්‍රිතව පාරම්පරික ඖෂධීය ශාක සහිත ආදර්ශ ඔසු උයනක් නිර්මාණය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya