මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථාදායක මණ්ඩලය, ව්‍යවස්ථාවට හෝ ස්ථාවර නියෝගවලට පටහැනි නැහැ-අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

    ජනවාරි 12, 2016
    යෝජිත ව්‍යවස්ථාදායක මණ්ඩලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ ස්ථාවර නියෝගවලට පටහැනි නොවන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.
     
    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුයේ ජනමත විචාරයකින් වෙනස් කළ යුතු සංශෝධන සිදු නොකරන බවයි. නව ව්‍යවස්ථාවක් හෝ සංශෝධනයක් සිදුකරන්නේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි. සංශෝධන තුළ "නව" යන වචනය ඉවත් කොට තිබෙන බවත් මේ ක්‍රියාමාර්ග ආරම්භ කළේ කෙටුම්පත් සකස්කිරීමට බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    බුදුදහමට ප්‍රමුඛස්ථානය, ඒකීයභාවය, පරමාධිපත්‍ය යනාදිය සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම එකඟ නොවන බවත්, අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලට එකඟතාවය පළ කරන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya