මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ජනපති පදවි ප‍්‍රාප්ති සැමරුම

    ජනවාරි 12, 2016
    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පදවි ප‍්‍රාප්තියට සමගාමීව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැඩ සටහන් රැසක් ක‍්‍රියාත්මක කළ බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
    මෙහි දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරි පරිශ්‍රයේ තෝරා ගත් ස්ථාන රැසක රුක් රෝපණය කිරීම හා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් සේවක අයිතියට පත්කිරීම සිදුවිය.
     
    වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතාගේ උපදෙස් මත, මානව සම්පත් කොට්ඨාශය මගින් සංවිධානය කළ සේවකයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනයේ දී පැවත්විණි.
     
    ස්වකීය දියුණුව සලසා ගනිමින් ආයතනයේ දියුණුව උදෙසා කෙසේ ශ‍්‍රම දායකත්වය සැපයිය යුතු ද, යන්න පිළිබඳ ප‍්‍රවීණ ධනාත්මක චින්තන උපදේශක දීපාල් සූරියආරච්චි මහතා විසින් මෙම වැඩමුළුව පවත්වන ලදි.
     
    එහිදි අදහස් දැක් වූ වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා, ‘‘මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වී 
    වසරක් ගෙවුණු මේ මොහොතේ, එතුමාට සුභපතමින් මේ රට දියුණු කරන්නේ කෙසේ ද යන කාරණාව පිළිබඳ සාකච්ඡා 
    කළ යුතුයි. වරායේ සේවයට පැමිණ වසර 30 ක් හෝ 35ක් සේවයේ සිට රන් පදක්කමක් රැගෙන නිවෙස් බලා යාමට වඩා, 
    සේවක පාර්ශවයෙන් ඔවුන්ගේ ජීවිත ඉහළ ස්ථානයකට පැමිණීම වැදගත් වේ’’ යයි පැවසීය.
     
    පියපුතු පදනම තුළින් වරායේ සේවක මහත්ම මහත්මීන්ගේ දුවා දරුවන්ට ද රැකියා අවස්ථා සලසා දීමට හැකිවීම පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙහිදී අදහස් දැක් වූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග මහතා ‘‘2015 වසර අභියෝගාත්මක වසරක්, ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ණය ගෙවීම් තුළ ගැටළු සහගත තත්ත්වයන් උද්ගත විය. හම්බන්තොට වරාය සඳහා ගෙවිය යුතු ණය ප‍්‍රමාණය තවත් විශාල ගැටළුවකි. එබැවින් එක් එක් වරායයන් කෙසේ දියුණු කළ යුතු ද කෙසේ ලාභ ඉපයිය යුතුද යන්න පිළිබඳව නිවැරදි දැක්මක් අප සතුව පවතී. ඉදිරියේ දී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු කඩිනම් කොට කේන්ද්‍රීය වරායක් ලෙස කොළඹ වරාය ලෝකයා හමුවට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා’’ යයිද පැවසීය.
     
    සේවක මහත්ම මහත්මීන් හට ස්වකීය ගැටළු කළමණාකාරීත්වය වෙත ඉදිරිපත් කර විසඳුම් ලබා ගැනීමට ද මෙහි දී අවකාශය සැලසුණි.
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya