අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පහේ ශිෂ්‍යත්ව සමතුන් රැසකට ජනප්‍රිය පාසල්වල දොර ඇරේ

    ජනවාරි 11, 2016
    පාසල්වල පවතින පුරප්පාඩු සොයා බලා 2015 වසරේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට නියෝග කොට ඇත. 
    පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන බහුතර සිසුන් පිරිසකට ජනප්‍රිය පාසල් වලට ඇතුල්වීම සඳහා වැඩි අවකාශයක් සලසාදීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සෘජු අවධානය යොමු වූයේ දරුවන්ගේ සහ මව්පියන්ගේද අදහස් සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට මේ පිළිබඳ සොයා බැලීම සදහා අමාත්‍යවරයා විසින් නියෝග කළ අතර එහිදි  අනාවරණය වූයේ ඇතම් ජනප්‍රිය පාසල්වල ශිෂ්‍යත්ව සමතුන්ට ලබා දිය හැකි අවස්ථා තව දුරටත් වැඩිකිරීමේ හැකියාවක් පවතින බවයි. 
     
    කොළඹ රාජකීය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සදහා පන්ති 14ක් පවතින අතර ඉන් 4ක් ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට වෙන්වනවා. ඒ වෙනුවෙන්  ආසන්න වශයෙන් සිසුන් 180 දෙනකු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රාජකීය විද්‍යාලයට මීට පෙර යොමුකර තිබුණි. කෙසේ වෙතත් සිදු කරන ලද සොයා බැලීමේදි 6 ශ්‍රේණියේ පවතින පන්ති 14 වෙනුවට තවත් අමතර පන්තියක් 7 ශ්‍රේණීයේ සිට එක්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් විසින් හදුනාගෙන ඇත. ඒ අනුව අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ එම අමතර පන්තිය 6 ශ්‍රේණියේ සිටම පවත්වාගෙන යන ලෙසයි. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගයෙන් රාජකීය විද්‍යාලයට තෝරාගන්නා දරුවන් සංඛ්‍යාව 180 සිට 220 දක්වා වැඩි කිරීමට හැකි වී තිබේ. ඒ අනුව මෙවර තවත් දරුවන් 40 දෙනකුට කොළඹ රාජකීය විද්‍යාලට ඇතුලූවීම සඳහා අවස්ථාව හිමිවනු ඇති. 
     
    එමෙන්ම තවත් මෙම තීරණයත් සමඟ ප්‍රධාන පාසල්වල කඩයිම් ලකුණ එක් ලකුණකින් පහළ යාම සිදුවන අතර ඒ හරහා ශිෂ්‍යත්ව සමතුන් රැසකට ජනප්‍රිය පාසල් සඳහා ඇතුලත්වීමේ අවස්ථාද උදාවනු ඇති.
     
    මීට අමතරව අමාත්‍යවරයාගේ නියෝග අනුව සිදුකරනු ලැබූ සොයා බැලීමේදී පසුගිය කාලයේ දේශපාලන බලපෑම් සහ අයථා ක්‍රම හරහා සිසුන් පාසැල් වලට ඇතුළත් කිරීම මෙන්ම දේශපාලඥයන්ගේ වුවමනාව මත නව පන්ති කාමර ආරම්භ කිරීමේ සිදුවීම් ද ඇතැම් ජනප්‍රිය පාසල් වලින් වාර්ථා විය.
     
    මෙවැනි තත්වයන් සමඟ ඇතැම් පාසල් වල පන්ති කාමරයක සිටිය යුතු නියමිත ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා ගොස්  තිබූ අතර මේ හේතුවෙන පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට ජනප්‍රිය පාසල් වලට ඇතුළත් වීමේ අවස්ථාවන්ද අහිමි වුණා. මෙම කරුණු පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරියේදී අයථා ක්‍රම සහ අනිසි දේශපාලන අතපෙවීම් වලින් තොරව සිසුන් ඇතුලත් කිරීම සඳහා කටයුතු කරන ලෙස නිලධාරීට උපදෙස් ලබා දුන්නා. 
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya