මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපට අවශ්‍ය වන්නේ රටට උචිත ව්‍යවස්ථාවක් - අමාත්‍ය අර්ජුන රණතුංග

    ජනවාරි 08, 2016
    රටට අනුචිත ව්‍යවස්ථා සංශෝධනයකට කිසිම විදියකින් පෙනී නොසිටින බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි. එතුමා අවධාරණය කරන්නේ රටට අහිතකර කිසිම ව්‍යවස්ථා සංශෝධනයකට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් යොමු නොවන බවයි. එතුමා මේ බව පැවසුවේ ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූරණය නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අද උදෑසන පැවති උත්සවයකට සහභාගි වෙමිනි. 
    ජනපති පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් පැවති මෙම  උත්සවය අද ආරම්භ වූයේ රුක්රෝපණ වැඩසටහනකිනි. කොළඹ වරාය පරිශ්‍රය හරිත ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීම එහි අරමුණ විය. 
     
    අභිනවයෙන් ඉදිකළ ආයුර්වේද මධ්‍යස්ථානය විවෘත කිරීමත් විස්සයි විස්ස ඉලක්ක සපුරා ගැනීම උදෙසා මානව සම්පත සවිබල ගැන්වීමේ වැඩමුළු මාලාවේ ආරම්භය සනිටුහන් කිරීමත් එම උත්සවයට සමගාමීව අද සිදු කෙරිණ. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya