සැප්තැම්බර් 21, 2020
tami eng youtube  twitter facebook

    ලෝකය වෙනස් වන විට වෙනස් විය යුතුයි

    දෙසැම්බර් 21, 2015

    ඇතැම් වෘත්තීය සමිති කොපමණ වෘත්තීය ඉල්ලීම් ලබාදුන්නත් කිසිසේත් සෑහිමකට පත් නොවන බවත් තම මතවාද වෙනස් කිරීමට අකමැතිව වෙනස් වන ලෝකයේ ලිං මැඩියන් මෙන් ක්‍රියා කළ නොහැකි බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    පසුගියදා පැවති දන්ත ශල්‍ය වෛද්‍යවරුන් හා හෙද නිලධාරිනියන්ගේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක දී අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙහි දී දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 105 දෙනෙකුට හා තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් 125 දෙනෙකුට පත්වීම් ලබාදීම සිදු කෙරිණි. මෙම පත්වීම්ලාභි පිරිස දිවයින පුරා පුරප්පාඩු පවතින රෝහල් වෙත අනියුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

     

    වර්තමානයේ වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා රජය අතර හොඳ සංවාදයක් ඇති වී තිබෙන බවත් මේ සියලු පිරිස් සාකච්ඡා කරමින්, වාද කරමින් ගමනක් කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. රටක් සෑදීම සඳහා අවශ්‍ය වන්නේ එය වන අතර එහිදී නොයෙක් මතවාද බිහි වේ. ලොව දියුණු වෙනවිට මතවාද වෙනස් වෙනස් වේ. නමුත් ඇතැම් පිරිස් මතවාද වෙනස් කිරීමට අකමැතියි. මානව සංවර්ධනය ඇති වූයේ පවතින මතවාද වෙනස් වෙමින්. එනිසා ලෝකය වෙනස් වනවිට අප ද වෙනස් විය යුතු යැයි යනුවෙන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    රාජ්‍ය සේවයේ දී ඉල්ලම් දිනා ගැනීම සඳහා පමණක් කටයුතු නොකර නිදහස් සෞඛ්‍ය සේවයට එක් වන ඔබ රෝගීන්ට සලකන්න ඕනෑ. එම සේවාව විනාශ වන ආකාරයට වැඩ කරන්න එපා. මම දේශපාලනය සෞඛ්‍ය අමාත්‍යංශයට රැගෙන එන්නේ නෑ. ප්‍රතිපත්ති මත පමණයි වැඩ කරන්නේ. මම කිසි කෙනෙකුට බලපෑම් කරන්නේ නැහැ. ඔබට තිබෙන ප්‍රශ්න සහ ගැටලු නිලධාරීන් සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරන්න යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    මෙ අවස්ථාවට සොඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත වෛද්‍ය සේවා) ජයසුන්දර බණ්ඩාර මහතා, එම්. බී. එල්. රහුමාන් මහතා, නීලමනී හේවාගීගනගේ මහත්මිය හා වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya