අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ගේ යහපැවැත්මට පෝෂණය අත්‍යවශ්‍ය සාධකයක්

    නොවැම්බර් 24, 2015

    සෑම දරුවෙකුම නිසි පෝෂණයක් ලැබීම, ඔවුන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය, සහ යහපැවැත්ම අත්‍යාවශ්‍ය සාධකයක් බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ඌනා මැකෝලේ මෙනවිය සඳහන් කළාය.

    ඇය ප්‍රකාශ කළේ එය ජාතික වශයෙන් දිළිඳු බව අවම කිරීම, සමාජීය සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය සහ අසමානාත්මතාව අවම කිරීමට දායක වන බවයි.

    ‘නව පර්යේෂණ සහ සොයා ගැනීම් මඟින් මාතෘ ළමා පෝෂණ ප්‍රවර්ධනය කිරීම‘ යන තේමාව යටතේ ළමා හා මාතෘ පෝෂණය පිළිබඳ අන්තර් ජාතික සම්මන්ත්‍රණයක් පසුගියදා පැවැති අතර එහිදී ඇය මේ බව සඳහන් කළාය.

    මෙම සම්මන්ත්‍රණය දකුණු ආසියානු ළදරු සහ ළමා පෝෂණ පිළිබඳව වන පර්යේෂණ ජාලය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ඒකාබද්ධව සංවිධානය කළ අතර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ, විදේශ සබඳතා හා වෙළදාම පිළිබඳ ඔස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව කොළඹ විශ්වවිද්‍යාලය සහ සිඩ්නි විශ්වවිද්‍යාලය ඊට දායකත්වය දැක්වීය.

    ලොවපුරා ළමුන් මිලියන 159ක් මිටි බවින් පෙළෙන අතර ඉන් සියයට 40ක් ළමුන් ජීවත් වන්නේ දකුණු ආසියාවේ බව මෙම සම්මේලනයේදී අනාවරණය වී ඇත. ළදරුවිය, කුඩා ළමා විය සහ ගර්භනී අවධිය යනු ජීවන චක්‍රයේ පෝෂණය පිළිබඳ වඩාත් ම අවදානම් සහිත අවධීන් වේ.

    මෙම ළමා හා මාතෘ පෝෂණය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයේ ආරම්භක අවස්ථාව සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා එක්ව සිටියේය.

    ප්‍රතිපත්තීන්, නව තාක්ෂණික සොයා ගැනීම් සහ බහු විධ අංශ ප්‍රවේශයන් ඇතුළු දියුණු වන ලෝකයේ රටවල ප්‍රශස්ථ මාතෘ ළමා පෝෂණයක් ළඟා කර ගැනීම සඳහා වන අභියෝගයන් සහ ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරමින් විද්‍යාත්මක පදනමක් සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රවේශයක් මෙම සමුවේදී ඇති කළේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya