අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසුදරු පිරිසක් “ලෝගෝස් හෝප්” පොත් නෞකාව නරඹති

    නොවැම්බර් 24, 2015

    ඉංග්‍රීසි භාෂාවට උපන් හපන්කම් දක්වන පුත්තලම, ආණමඩුව රතනපාල කනිටු විදුහලේ සිසුදරු දැරියන් හට පසුගියදා ‘ලෝගෝස් හෝප්‘ නෞකාව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සැපයීය.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් වලට අනුව වයඹ නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් ‍මෙම සිසුදරුවන්ට නෞකාව නැරඹීම සඳහා ප්‍රවාහන පහසුකම් සපයා දෙනු ලැබූ අතර, ඒ සඳහා නාවික හමුදා සාමාජිකයින් පිරිසකගේ මග පෙන්වීම හා අධීක්ෂණය ද ලබාදෙන ලදී. මේ සඳහා පැමිණි සිසුදරුවන්, ගුරුභවතුන් හා දෙමාපියන් ඇතුළු පිරිසට උදෑසන සහ දිවා ආහාරය ලබාදීමට ද නාවික හමුදාව කටයුතු කරන ලදී.

     

    නාවික හමුදාව විසින් සිදුකරන ලද එම සද්කාර්ය නිසා, දුෂ්කරතා මධ්‍යයේ ඉතා උනන්දුවෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනුම ලබන මෙම සිසුදරු පිරිසට ලොව විශාලතම පොත් නෞකාව නැරඹීමේ අවස්ථාව ලැබුණු අතර, එහිදී නෞකා කාර්ය මණ්ඩලය සමඟ චතුර ලෙස අදහස් හුවමාරු කර ගනිමින් නවමු අත්දැකීමක් ලබාගැනීමට ද ඉඩ සැලසිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya