අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සතොස ලාභ ලබන ආයතනයක් බවට පත්කරනවා -කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය

    නොවැම්බර් 24, 2015
    ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ ලංකා සතෙස ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. 
    ඔහු මෙසේ පැවසුවේ පසුගියදා කඵතර නෑබඩ ඉදිකළ නව ලංකා සතොස වෙළඳසල ජනතා අයිතියට පත්කරමිනි.
    ලංකාවේ ක්‍රියාත්මක 309 වන සතොස අලෙවිසල මෙය වේ.
     
    ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට පහසු මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට පහසුකම් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ලංකා සතොස ආයතනය මේවන විට පාඩු ලබන ආයතනයක් ලෙස කටයුතු කරයි.
     
    නව අලෙවිසල විවෘත කළ අවස්ථාවේ අදහස් දක්වමින් බදියුදීන් අමාත්‍යවරයා,
     “ජනාධිපතිතුමා විසින් ලංකා සතොස ආයතනය මගේ අමාත්‍යාංශය යටතට ලබාදී තිබෙනවා. මේ වන විට සතොස කෝටි 15 ක් පාඩු ලබනවා. මම පසුගිය මාස කිහිපය තිස්සේ මගේ අමාත්‍යංශ නිලධාරීන්  සමඟ මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට අවශ්‍ය ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස්කරමින් සිටිනවා. ඵහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි පලමු මාස 6 දී මෙම විශාල පාඩුව නැවැත්වීමටත් ඊලඟ මාස 6  දී ආයතනය ලාභ ඉපයීමත් ආරම්භ කරනවා. මේ වන විට  3500 ක්  වන සේවක පිරිසට ලබන වසරේදී ප්‍රසාද දීමනා ලබාදීමට අපි සූදානම්. එලෙසම ඉදිරි වසර තුලදී ලංකා සතොස ශාඛා ප්‍රමාණය 500 ක් දක්වා වැඩි කිරීමටත් සියළුම ශාඛා පරිගණක ගත කර කාර්යක්ෂම හා ක්‍රමවත් සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කරනවා” යැයිද පැවසීය. 
     
    මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(වාණිජ) ශිතා සේනාරත්න මහත්මිය ඇතුඵ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya