අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 වසරේ ධීවර ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිවේවි- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

    නොවැම්බර් 23, 2015
    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට හැකියාව ඇති නිසාත්, මෙම අය වැය තුළින් ධීවර ක්ෂේත්‍රය සඳහා සහන ලබා දී ඇති නිසාත්, 2016 වසරේ ධීවර ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිවේ යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
    ඔහු මේ අදහස් පැවසූයේ, පසුගියදා හම්බන්තොට දී පැවති ධීවර දින සැමරුම් උළෙලේදීය.
     
    එහිදී ඔවුන් අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා,  මෙවර අයවැයෙන් ධීවර වරායන් ඉදිකිරීමට හා විසිතුරු මත්සයින් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.එසේම යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට අවශ්‍ය නිර්දේශ සියල්ල සම්පූර්ණ කර ඇති නිසා තවත් මාස කිහිපයකින් එම තහනම ඉවත් කරගත හැකි බවත්, ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා වැඩිකිරීමට බලාපොරොත්තුවන බැවින් ඒ තුළින් ධීවරයන්ගේ ආර්ථීක මට්ටම වැඩිකිරීමට හැකියාව ලැබෙන බවද පැවසීය.
     
    ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ට නිසි ආදායමක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ශ්‍රී ලංකාවට මාළු ආනයනය කරන නිසයි. මත්ස්‍ය ආනයනය සීමා කරන්න උත්සාහ ගත්තද රටට අත්‍යවශ්‍ය මාළු වර්ග පිටරටින් ආනයනය කරන්න සිදුවී ඇත. නමුත් අපගේ ධීවරයන් රැක ගන්නට නම් ආනයනය කරන මත්ස්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කිරීමට කටයුතු කළ යුතුයි.
     
    ඉදිරියේදී අඩි 45ට වඩා දිගින් අඩු බෝට්ටු සඳහා ජාත්‍යන්තර මුහුදේ ධීවර කර්මාන්තයට අවසර ලබා නොදෙන අතර, අඩි 45 වඩා වැඩි කුඩා නැව් භාවිතා කිරීමට ශ්‍රී ලංකා ධීවරයින් පෙළඹවිය යුතු කාලය එළැඹී තිබෙනවා. එමෙන්ම ගොඩබිමට රැගෙන එන මත්ස්‍ය සම්පතෙන් 30% ක් පමණ අපතේ යන බැවින්, මුහුදු ජලයෙන් අයිස් නිපදවා ඇසුරුම් ක්‍රියාවලියක් සකස් කිරීමටත්, අංශක සෘණ 60ක් සහිත ශීතාගාර භාවිතයට හඳුන්වා දීමෙන් අවු: 2ක් පමණ මාළු කල්තබා ගැනීමට හැකියාව ලැබෙන බවත්, මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ උපාලා මොහොට්ටි මහතා, රාජ්‍ය නිලධාරීන් 
    සහ ධීවර ප්‍රජාව ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටියහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya