අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියාවේ ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් පළමු සතියේ

    නොවැම්බර් 23, 2015

    දකුණු කොරියාවේ ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා ශී‍්‍ර ලාංකිකයන් තෝරා ගැනීමේ තරග විභාගයේ ප‍්‍රතිඵල එළඹෙන දෙසැම්බර් මස පළමු සතියේ නිකුත් කිරීමට නියමිත බව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.  

    කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විභාග මධ්‍යස්ථාන දෙකක දී ඊයේ (22) දිනයේ පැවැත්වුනු අතර මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 4590 දෙනෙක් සහභාගි විය.

     

    මෙහිදී මිනිත්තු 45 ක කියවීමේ හා මිනිත්තු 30 ක සවන්දීමේ පරීක්ෂණයක් අයදුම්කරුවන් සඳහා යොමු කර තිබේ.  

     

    දකුණු කොරියාවේ රැකියා සඳහා 2015 වර්ෂයේ මුල් මාස 9 තුළ පුද්ගලයින් 5,599 දෙනෙකු පිටව ගොස් තිබේ. මෙය, මේ වසරේ දකුණු කොරියාවේ ධීවර ක්ෂේත‍්‍රයේ රැකියා වෙනුවෙන් ශී‍්‍ර ලාංකිකයන් තෝරා ගැනීම සඳහා පැවැත්වුණු දෙවන විභාගය යි.

     

    SDF

    korea.jpgqq

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya