මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්බද කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා සදහා දැනුම ලබාදීමේ වැඩපිළිවෙලක්

    නොවැම්බර් 23, 2015
    “අද මේ රටේ ගම්බද බොහෝ කාන්තාවන් මැහුම් ගෙතුම්, රූපලාවන්‍ය, ආහාර නිෂ්පාදනය වැනි පාඨමාලාවන් හැදෑරීම කෙරෙහි විශාල උනන්දුවක් දක්වන  හෙයින් එවැනි පාඨමාලාවන් හැදෑරීමට ගම්බද කාන්තාවන් වෙත අවස්ථාව සලසා දීමට රජය අවධානය යොමු කර ඇතිබව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
    ඒ මහතා මෙසේ පැවසුයේ ඇල්පිටිය නවදගල මහා විදුහලේ පැවති ඇල්පිටිය අධ්‍යාපණ කොට්ඨාසය තුල ක්‍රියාත්මක නොවිදිමත් අධ්‍යාපණ ඒකකය මගින් පාසල් මට්ටමින් පවත්වනු ලැබූ මැහුම් පාඨමාලාව අවසානයේ පවත්වන ත්‍යාග හා සහතික ප්‍රධානෝත්සවයට එක්වෙමිනි.
     
    මම ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට මගේ අමාත්‍යංශ්‍ය යටතේ ඇති සියලු ආයතන හා එක්ව දිස්ත්‍රික් හා මැතිවරණ කොට්ඨාස මට්ටමින් රට පුරාම දියත්කල හැකි වැඩසටහනක්  පිළිබදව සාකච්ඡා පවත්වමින් තිබෙනවා. එහි එක් අංශයක් තමයි විශේෂයෙන්ම ජනමාධ්‍ය ආයතන සම්බන්ධවෙලා මෙවැනි කාන්තාවන් ඉලක්ක කරගෙන මෙවැනිම පාඨමාලාවන් හැදෑරීමට අවශ්‍ය වැඩසටහන් දියත් කිරීම.
     
    ​විවිධ ​මුද්‍රිත​ ​මාධ්‍ය ආයතන මගින් මෙවැනි වැඩසටහන් අද ක්‍රියාත්මක කරනවා. ඒවගේම රූපවාහිනිය, ස්වාධීන  රූපවාහිනිය වැනි ආයතන අද එවැනි වැඩසටහන් වඩාත් පුලුල් අයුරින් ක්‍රියාත්මක කිරීමට විශේෂ අවධානයක් යොමුකරල තිබෙනවා. හේතුව තමයි අද මැහුම් ගෙතුම් කර්මාන්තය තුළ හොදින් දක්ෂතා පෙන්වීම සිදුකලොත් ගමේ ඉදන් ඉහළ ආදායමක් ලබන්න පුලුවන් කර්මාන්තයක් බව අප තේරුම් අරන් සිටීම. ඒ විතරක් නොවෙයි රූපලාවන්‍ය, ආහාර නිෂ්පාදනය වැනි පාඨමාලාවන් හැදෑරීමත් ඉතා ඉහළ ආදායමක් ලැබිය හැකි අවස්ථාවක්.”යයිද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    මෙහිදී පාඨමාලාව සාර්ථකව නිමකල සිසුවියන් අතින් නිමැවුනු වූ ඇදුම් නිර්මාණ ප්‍රදර්ශණය ද ඇමතිවරයා අතින් විවෘත වීමද සිදුවිණි.
     
    මෙම උත්සවයේදී අමාත්‍යවරයා පිළිගනිමින් අදහස් දැක්වූ පාඨමාලා ආචාරිණී චන්ද්‍රාණි වික්‍රමතිලක මහත්මිය ඇමති ගයන්තට විශේෂ ස්තූතියක් පළකරමින් කතාකල අතර ඒ වසර 15ක් පුරා ස්වේච්ඡාවෙන් තමන් මෙම පාඨමාලාව පවත්වමින් සමාජයට විශාල සේවයක් සිදුකරමින් පැමිණියත් කොපමණ ආරාධනා පත්‍ර ලබාදුන්නත් ඇමතිවරයකු ලෙස වසර 15 ක් තුල තම පාඨමාලාවේ සිසුන්ට සහතිකයක් ලබාදීමට පැමිණි එකම ඇමතිවරයා  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හෙයින්  මෙය සුවිශේෂී අවස්ථාවක් බවද සදහන් කළාය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya