මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ප්‍රජාව මුල් කරගත් සර්ව අාගමික වැඩසටහන් රැසක් අද දිවයින පුරා

    නොවැම්බර් 22, 2015

    ලෝක ධීවර දිනය නිමිත්තෙන් ධීවර ප්‍රජාව ඒකරාශී කරගනිමින් ගම් මට්ටමින් සර්ව අාගමික වැඩසටහන් ජාලයක් අද (22) දිවයින පුරා පැවැත්වීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ඊයේ (නොවැ. 21) දිනයට යෙදී තිබුණු ලෝක ධීවර දිනය නිමිති කරගනිමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නොවැම්බර් 21වෙනිදා සිට 28වෙනිදා දක්වා ධීවර සතියක් නම් කර ඇත. ඒ සතිය පුරා ධීවර ප්‍රජාව සමඟ වැඩසටහන් රැසක් සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

     

    ඒ අනුව, ඊයේ දිනයේ දී ධීවර වරායන් හා කලපු ආශ්‍රිත ප්‍රදේශ සහ ධීවර මංමාවත් ආදිය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කෙරිණි. එලෙස හෙට (23) දිනයේ ධීවරයින් දැනුවත් කිරීමේ වැඩසටහන් ගම් මට්ටමින් සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya