අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් ක්ෂේත්‍රයේ උසස්ම සම්මානයෙන් පිදුම් ලබයි

    ඔක්තෝබර් 11, 2015
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගම  ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන් හි පැවති" 2015 APEX "සම්මාන උළෙලේ දී ආසියා ශාන්තිකර කලාපයේ මගී අත්දැකීම සඳහා  සුපිරි ජයග්‍රහණයෙන් ගෞරවාන්විත APEX සම්මානයෙන් පිදුම් ලබයි.
    ශ්‍රීලංකන් ගුවන් සමාගමට හිමිවු මෙම ගෝලීය සම්මානය තුළින් ගුවන් මගීන්ට ගුවනේ දී සහ ගුවන් තොටුපළේ දී  ශ්‍රීලංකන් මගින් ලබාදුන්  අඛණ්ඩ විශිෂ්ඨ ගුවන් මගී අත්දැකීම් හි වර්ධනයන් විදහා දක්වයි.
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගම APEX සම්මාන උළෙලේ දී  ආසියා ශාන්තිකර කලාපයේ මගී අත්දැකීම සඳහාවු  සුපිරි ජයග්‍රහණයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව සාර්ථක ගුවන් සේවයක ගුණාංගයන් පිළිබඳවද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රඛිත ජයවර්ධන මහතා අදහස් දක්වමින්, තරඟකාරි ගුවන් සේවා ක්ෂේත්‍රය තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම සුවිශේෂි ගුවන් සේවාවක් බවට පත්කිරීමට  ශ්‍රී ලාංකික සංස්කෘතිය, උණුසුම සහ ආගන්තුක සත්කාරය ශක්තියක් කරගනිමින් ඊට වටිනාකමක් එක්කිරීමට කටයුතු කළ යුතු බවත් මෙම පුද්ගලික ගති ලක්ෂණ ගුවන් සේවා ව්‍යාපාරය තුළ වර්තමානයේ ක්‍රමයෙන් වියැකී යන බව ද පැවසීය.
    එහිදී APEX සම්මානය යනු ගුවන් සේවයකට ලබාගත හැකි ඉහළම සම්මානයක් බවත් APEX සංවිධානය සිය ගුවන් සේවය සිදුකරන සියලුම ක්‍රියාකාරම් පිළිබඳව අවධානයෙන් හා අධීක්ෂණයෙන් පසුවන බවද පැවසීය. 
     
    එසේම සිය නිලධාරී මණ්ඩලය සිදු කරන දේ පිළිබඳව සහ ජනතාව පවසන දේ පිළිබඳව  විශේෂ අවධානයකින්ද මෙම සංවිධානය පසුවන බවද හෙතෙම පෙන්වා දුන්හ.  මෙම සම්මාන උළෙලේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් රඛිත ජයවර්ධන මහතා සඳහන් කළේ 
    APEX සම්මානයක් ලබාගැනීම යනු ඔස්කා සම්මානයක් දිනාගැනීම හා සමාන බවයි. 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya