මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ ධීවර කටයුතු නංවන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ආධාර

    ඔක්තෝබර් 09, 2015
     
    තිස් වසරක් පුරා පැවති යුද්ධයෙන් ද බැට කෑ උතුරේ ධීවර ප්‍රජාවගේ  ප්‍රමුඛ අවශ්‍යතා හඳුනාගෙන එම අවශ්‍යතා සපුරාලීමට මෙන්ම උතුරට නවීන  ධීවර වරායන් ලබාදීමට කඩිනමින් ක්‍රියාකරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
    අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ උතුරේ නව ධීවර වරායන් ඉදිකිරිම ඇතුළු  ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධන උපාය මාර්ග පිළිබඳව කොරියානු විශේෂ නියෝජිත කණ්ඩායමක් සමඟ පසුගියදා  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.
     
     “යුද්ධය අවසන් කලේ 2009 දී. එදා ඉදල 2015 දක්වා ගතවූ වසර 6  තුලම උතුරට එකම ධීවර වරායවත් හදන්න සැලසුමක් වත් හදල නැහැ.  නමුත් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 62 ක ණය අධාර යටතේ ගුරුනගර් වල ධීවර වරායක් ඉදි කිරීමට අපි සැලසුම් කරලා තියනවා. අපේ ඉලක්කය ධීවර ප්‍රජාව නගා සිටුවීමයි. ඒ වෙනුවෙන් සියලු පහසුකම් වලින් සමන්විත නවීන තාක්ෂණික උපකරණ ඇතුළත් වරායන් ඉදිකිරිම අපේ සැලසුමයි. අඩියෙන් අඩිය කුඩා වරායන් ඉදිකරනවාට වඩා සියලු පහසු කම් වලින් සමන්විත ධීවර ප්‍රජාවට සිය අවශ්‍යතා සපුරා ගත හැකි ධීවර වරායන් කිහිපයක් හෝ ඉදිකළ හැකිනම්  අප එය කල යුතුයි. ඒ අනුව එවැනි පහසු කම් වලින් සමන්විත අංග සම්පූර්ණ ධීවර වරායන් කිහිපයක්  ඉදිකිරිම කෙරෙහි අපේ අවධානය යොමුවෙලා තියනවා.
     
    විශාල ප්‍රමාණයේ බහුදින යාත්‍රා වලට පහසුකම් හා සේවාවන් සැලසිය හැකි පරිදි යෝජිත වරායක ගැඹුර මීටර් 4 ත් 4.5 ත් දක්වා පුළුල් කිරීම අපේ අපේක්ෂාවයි. උතුරේ ධීවර ජනතාවගේ අවශ්‍යතා පිළිබඳවත් පහසුකම් පිළිබඳවත් මහේෂ්වරී අමාත්‍යතුමිය සමඟ මා සාකච්ජා කළා. ඒ අනුවයි උතුරේ ධීවර ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා මෙම නව ධීවර වරායන් ඉදිකිරීම් පිළිබඳ අවධානය යොමු වුණේ. මේ සඳහා ආධාර සපයන්නෙත් පහසුකම් සපයන්නේත් කොරියාවයි. 
      
    ජනතාවගේ හඳ ගැස්ම අපිට හොදට තේරෙනවා. මම එහෙම කියන්නේ කිරින්ද හා හම්බන්තොට ධීවර වරායන් වලට අද අත් වෙලා තියන තත්වය බලන කොටයි. එයට තිරසාර විසදුමක් අවශ්‍යයි. ජපානයේ සංචාරයේ  නිරතවීමට පෙර මම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කලා කිරින්ද වරායේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද ජපන් රජය  සමග සාකච්ජා කරන්න කියල. ඒ අනුව කිරින්ද වරායේ ගැටළුවටද තිරසාර විසදුමක් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍යතුමා ජපන් රජය සමග සාකච්ඡා කර ස්ථිරසාර විසදුමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා. මේ සියලු දේ සම්බන්ධව මාගේ හිතවත් අමරවීර ඇමතිතුමාගේ සහයෝගයත් අපට ලැබෙන බව මට විශ්වාසයි. 
     
    මෙම සාකච්ඡාවේදී  උතුරේ ධීවර ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනාගෙන කඩිනමින් වාර්තා කිරීම සඳහා සය පුද්ගල කමිටුවක් ද පත් කර ඇත. 2013 වසරේ ඇති වූ   අයහපත් කාලගුණ තත්වයට මැදිවී ධීවරයින් ගණනාවක් ජිවිතක්ෂයට පත්වීමත් කුඩා ධිවර යාත්‍රා වල කර්මාන්තයේ නිරත ධීවර කාර්මිකයින්ට කාලගුණ වෙනස් වීම ඇතුළු තොරතුරු ක්ෂණිකව ලබාදීම වෙනුවෙන් යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය සවි කිරීම සඳහා අධාර සැපයීමටද කොරියානු නියෝජිතයින් මෙහිදී කැමැත්ත පළ කළේය. 
     
    මෙම සාකච්ඡාවට එක් වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යයංශයේ ලේකම් ඩබ්.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය සඳහන් කළේ ධීවර ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන් නිවැරදිව හඳුනාගෙන ව්‍යපෘති සැලසුම් කළ යුතු බවය . එහිදී රජයේ මුල්‍ය ප්‍රතිපත්ති  වලට අනුකුලව විනි විද බව කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බවද ලේකම්තුමිය අවධාරණය කළේය .
     
    ශ්‍රී ලංකාවට උදව් කිරීමට තම රට කැමැත්තෙන් පසුවන බවත් ධීවර ක්ෂේත්‍රයේ සුභ සිද්ධිය උදෙසා මුල්‍යමය වශයෙන්  හෝ ඉදිකරීම් ක්ෂේත්‍රයෙන්  උපකාර කිරීමට සුදානම් බවද මෙම සාකච්ඡාවට එක් වූ කොරියානු විශේෂ නියෝජිත කණ්ඩායම සඳහන් කළේය .
     
    මයිලඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණ දෙන්නැයි උතුරේ ධීවර ජනතාවගේ ඉල්ලීමක් පවතින බවද මෙහිදී අනාවරණය වු අතර 
    එහිදී  අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දුන්නේ කුඩා බෝට්ටු දහයක් හෝ පහළොවක් නවතා තැබිය හැකි කුඩා ධීවර වරායන් ඉදි කරනවාට වඩා විශාල යාත්‍රා පන්සියයක් වත් නවතා තැබිය හැකි සියළු නවීන පහසුකම් වලින් සමන්විත වරායන් කීපයක් හෝ ඉදි කිරීම අනාගත ධීවර කර්මාන්තයට වඩාත් යෝග්‍ය බවය. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya