අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විශ්‍රාමික දිනය සැමරීම අද පදනම් ආයතනයේදී

    ඔක්තෝබර් 08, 2015
     
    ජාතික විශ්‍රාමික දිනය අදට යෙදී ඇත.ඒ නිමිත්තෙන් පවත්වනු ලැබු ජාතික විශ්‍රාමික දින සමුළුව කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර , නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ හා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. 
    "ජාතික විශ්‍රාම ප්‍රතිපත්තියක්" යන්න මෙවර ජාතික විශ්‍රාමික දින සමුළුවේ තේමාවයි. 
     
    මෙහිදී අදහස් දැක්වු  කරු ජයසුරිය මහතා , විශ්‍රාමිකයන් තම සේවා කාලය තුළ කල කැප කිරීම්  දෙස බලන කල රජයක් වශයෙන් අපගේ යුතුකම වන්නේ ඔවුන්ගේ සැදෑ සමය කාටවත් අත නොපා අභිමානයෙන් ජීවත් වීමට ඉඩ සලසා දීමත්.  ඔවුන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන ලබා ගැනීමත් බව පැවසීය.
     
    ජාතික ආදායමෙන් 3% ක් වැය වන්නේ විශ්‍රාමිකයන් වෙනුවෙන් . විශ්‍රාමිකයන්ගේ හැකියාවන් රටේ සංවර්ධනයට යොදා ගත යුත්තේ කෙසේදැයි සෙවීමට කාලය එලඹි ඇති බවද  මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
     
    එමෙන්ම විශ්‍රාමිකයන් තම වැටුපෙන් වැඩි කොටසක් ඖෂධ හා ප්‍රතිකාර සදහා යොදවන බැවින් ඔවුන් ඉදිරියේදී අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක කර ගැනීමට කටයුතු කරන බවද තවදුරටත් 
    පැවසීය.  
     
    මෙහිදී ලෝක සමාජ ආරක්ෂණ ක්‍රමවේද පිළිබදව අවධානය යොමු කෙරෙන අතර  දේශිය මෙන්ම ජාත්‍යන්තර සමාජ ආරක්ෂණ ක්‍රම පිළිබදව අත්දැකීම් හා හුවමාරු කර ගැනීම තුලින් ජාතික විශ්‍රාම ප්‍රතිපත්තියත් ගොඩ නැගීම අපේක්ෂාවයි. 
     
    එමෙන්ම සැමට විශ්‍රාම වැටුපක් සදහාවු අයිතිය තහවුරු කිරීම සදහා ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයන් නව ප්‍රවේශයකින් සමාජ ගත කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම මේ තුලින් අපේක්ෂා කෙරේ.
     
    මෙම සමුළුවට සමගාමීව විශ්‍රාමික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සෑම මසකදීම එළි දැක්වීමට නියමිත විශ්‍රාම මාසික වෙබ් සගරාව එළි දැක්වීමද විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් නිර්මාණයවු විශ්‍රාම වෙබ් රේඩියෝව දියත් කිරීමද මෙහිදී සිදු කෙරිණි. 
     
    මෙම අවස්ථාවට මැලේසියානු රාජ්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් ඇතුළු ජාත්‍යන්තර අවධානයට ලක්වන අන්තර්ජාතික නියෝජිත පිරිසක්ද සහභාගී වුහ.
     
    AP
     
       
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya