අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහන ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ නවදෙවිටදී

    ඔක්තෝබර් 08, 2015
     
    රජය මගින් ප්‍රකාශයට පත් කොට ඇති රුක් රෝපණ මාසය වෙනුවෙන් පැවැත්වෙන "වන රෝපා" ජාතික රුක් රෝපණ වැඩසටහන 2015.10.11 වැනි දින පෙ.ව.10.00 ට ගම්පොල නවදෙවිට මහවැලි රක්ෂිතයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
     මෙම ජාතික රුක් රෝපණ මහෝත්සවයේදී ගම්පොල නවදෙවිට මහවැලි රක්ෂිතයේ අක්කර 05 ක භූමි ප්‍රමාණයක විවිධ වර්ගයේ පැල 2000 කට වැඩි ප්‍රමාණයක් රෝපණය කිරීමට නියමිතය. 
     
    ජනාධිපතිතුමාගේ මග පෙන්වීම මත ක්‍රියාත්මක කරන පුනරෝදය ජාතික පරිසර සංරක්ෂණ  වැඩසටහන යටතේ මෙම වන රෝපා රුක් රෝපණ වැඩසටහන සංවිධානය කරන අතර, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මගින් වැඩසටහන ක්‍රියාත්මක කරයි. වන වැස්ම වැඩි කිරීම සහ වන වැස්මේ ගුණාත්මකභාවය වැඩි කිරීම මුල් කරගනිමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන තේමාව වන්නේ වන ආවරණ රහිත නිසරු බිම් තීරුවල වන උයන් නිර්මාණය කිරීමයි.
     
    පාරිසරික ගැටළු රැසක් අවම කර ගැනීම සදහා රුක් රෝපණය සාර්ථක පියවරකි. දැනට ලංකාවේ වන වැස්ම 29% ක්ව වන අතර එය 32% ක් දක්වා වැඩි කිරීම මෙම වැඩසටහනේ දිගු කාලීන අරමුණයි. එමෙන්ම ලංකාවේ මුඩුබිම් රුක් රෝපණය සදහා යොදා ගැනීම සහ වාණිජ වන වගා ප්‍රවර්ධනය කිරීමද මෙම වැඩසටහනේ සෙසු අරමුණුය.
     
    මෙම රුක් රෝපණ මාසයේ පළමු සතිය නම් කොට ඇත්තේ වන අරණ- රැකවරණ නමිනි. එහිදී වන වගා කිරීමට අමතරව, හායනයට ලක් වූ වෙරළ කලාප සංරක්ෂණය සහ ජල පෝෂක ප්‍රදේශවල රුක් රෝපණය මෙන්ම සදුන් උයන් නිර්මාණය කිරීම වැනි වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ. දෙවැනි සතිය ජන හිසට- තුරු සෙවණ යනුවෙන් නම් කොට ඇති 
    අතර, තුන්වැනි සතිය නම් කොට ඇත්තේ තුරු කැපකරු- අපි නිරතුරු යනුවෙනි. වන අරණට- ජන සරණ නමින් සිව්වැනි සතිය ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ඔක්තෝබර් මාසය පුරාම විවිධ ප්‍රදේශවල විවිධ පාරිසරික වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතව ඇත.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya