නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැලසීමියා රෝගය පිළිබද පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ඔක්තෝබර් 07, 2015
     
    තැලසීමියා රෝගය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔක්තෝබර් මස 08 වන දින පෙ.ව 8.00 සිට මහනුවර ධර්මරාජ 
    විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් දරු දැරියන් සඳහා පැවැත්වෙන මෙම වැඩසටහනේදී "තැලසීමියාවෙන් තොර ශ්‍රි 
    ලංකාවක්" යන ‍තේමාව යටතේ  දේශනයක් පැවැත්වීමට නියමිතය. මෙම දේශනයට අමතරව සාර්ථක ජීවිතයක් උදෙසා 
    විනයානුකූල යොවුන් වියක් යන මාතෘකාව යටතේද විශේෂ දේශනයක් පැවැත්වෙනු ඇත.
     
    ලෝක ළමා දිනය වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජාතික 
    තැලසීමියා මධ්‍යස්ථානය විසිනි.
     
    AP/DMU-Kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya