අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උදාගම්මාන වැඩසටහන යළිත්

    ඔක්තෝබර් 06, 2015
    රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පාලන සමයේ දී රට පුරාම ක්‍රියාත්මක කළ උදාගම්මාන වැඩසටහන යළි ආරම්භ කීරීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකීරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 
     
    උදාගම්මාන වැඩසටහන යටතේ මෙම වසර අවසන් වීමට ප්‍රථම උදාගම්මාන 38ක ඉදිකිරීම් අරඹන බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය. 
     
    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ “ 2015 - ලෝක ජනාවාස දින” සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගි වෙමිණි. 
     
    "මෙවර ජනාවාස දින සැමරුමත් සමග මෙරට කපරාරු නොකළ නිවාස 25,000ක් කපරාරු කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ වෙනවා. රාජ්‍ය අනුග්‍රහය මෙන් ම පෞද්ගලික අංශයේ සහයෝගයත් නිවෙස් හිමියන්ගේ දායකත්වයත් මත එම වැඩසටහන අප ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ සඳහා වත්මන් රජය රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර තිබෙනවා". 
     
    ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත මෙම වසරේ නොවැමබර් මාසයේ සිට මාසිකව දිස්ත්‍රික්ක මට්ටමින් ප්‍රතිලාභීන් 250 දෙනෙකු සඳහා නිවාස ණය ලබාදීම සඳහා “සම්පත් සෙවණ ” නමින් වැඩසටහනක් දීප ව්‍යාප්තව ආරම්භ කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා උදාගම්මාන වැඩසටහන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ මැදිහත්වීමේන් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    උදාගම්මාන  වැඩසටහන යලි ක්‍රියාත්මක කිරීම සඳහා මෙම වසරේ අමාත්‍යංශය වෙත ලැබුණු ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 240ක් උපයෝගී කරගනිමින් දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර  රට පුරාම උදාගම්මාන 38ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ. ඊට අමතරව පුද්ගලික දානපති ආධාර මත තවත් ගම්මාන රැසක් ඉදිකීරීමට කටයුතු සැලසුම් කොට ඇත. 
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමගේ සංකල්පයක් මත රාජ්‍ය සේවකයන්ට සහ මධ්‍යම පාන්තික ප්‍රජාව වෙනුවෙන් නිවාස ලක්ෂ 5ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ශක්තිය මත ක්‍රියාත්මක කරනු ලබන බවත් නගරබද පැල්පත්වාසී ප්‍රජාවගේ නිවාස ප්‍රශ්නය විසදීමට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සහ නිවාස අමාත්‍යාංශයේ මැදිහත් වීම මත අවශ්‍ය වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
     
    නිවාස සංවර්ධනයේ පෙරගමන්කරුවා ලෙස හදුන්වනු ලබන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ජනතාවට සේවය කරන ආයතන අතර විශිෂ්ඨතම රාජ්‍ය ආයතයනය බවට පත්කරලීමට කටයුතු කිරීම අරමුණ බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ඉදිරි කාලයේ දී යොවුන් ගම්මානයක්, මාධ්‍ය ගම්මානයක් මෙන් ම දේශීය වෛද්‍යවරුන් ඉලක්ක කරගනිමින් වෙද ගම්මානයක් ද ඉදිකිරීමට අපේක්ෂා කරන බවත් පැවසීය.  
     
    පසුගිය දින 100 ආණ්ඩුව සමයේ අප ආරම්භ කළ නිවාස 50000 වැඩසටහන මේ වන විට සාර්ථක ප්‍රතිඵල ලබමින් තිබේ. ඉන් නිවාස 38,000ක ඉදිකරීම් කටයුතු ආරම්භ වී ඇත. 2016 වසරේ දී නිවාස ලක්ෂයක ඉලක්කයක් කරා යාමේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ අරමුණු අතර වේ.
      
     
    ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාසලාභීන්ට ඔප්පු හා බදු ඔප්පු ප්‍රදානය, ළමා හා යොවුන් කුසලතා සඳහා ත්‍යාග හා සම්මාන පිරිනැමීමද මෙහිදී සිදුකෙරිණ.
     
    මෙම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන තාක්ෂණික උපදේශක ටිම් මැක්නෙයර් (Tim McNair), නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, එහි ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරාල, හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස, දුලාංජලී ජයකොඩි යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya