අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීමට සූදානම් - මුදල් ඇමැති

    ඔක්තෝබර් 05, 2015
    අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කරන ලෙස විපක්ෂයේ සිටිය දී කළ ඉල්ලීම දැන් ඉටු කිරීමට සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 
    ඒ මහතා ප්‍රකාශ කළේ ඉදිරි අයවැය මගින් මෙරට අධ්‍යාපනයට සුවිශේෂී වෙනසක් සිදු කරන බවයි. 
    ලෝක ළමා දිනය නිමිත්තෙන් තොටළග ශ්‍රී සංඝබෝධි විදුහලේ පැවති චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් පසුගිය දා අමාත්‍යවරයා මේ බව පැවැසීය. 
    එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ රවී කරුණානායක මැතිතුමා -
    අධ්‍යාපනයේ දී අවශ්‍ය වන්නේ පොතේපතේ දැනුම විතරක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ක්‍රීඩාව, සෞන්දර්ය වැනි අංශවලට දරුවන් තුළ ඇති සහජ හැකියාව පෝෂණය කිරීමට අප අවස්ථාව ලබා දිය යුතු බව ද සඳහන් කළේය.
    ඒ නිසා අප සියලු දෙනාට ම  අධ්‍යාපනය සම්බන්ධයෙන් ලොකු වගකීමක් තිබෙන බවත් 
    එදා සී.ඩබ්ලියු.ඩබ්ලියු කන්නංගර මැතිතුමා මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ලබා දුන්නේ හෙට දිනයේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. 
    අලුත් ආණ්ඩුව ලෙස අපට අවශ්‍ය  වන්නේ පාසල තුළින් බිහිවන දරුවා රටට වැඩදායක පුද්ගලයකු කිරීමට බව පෙන්වා දුන් අමාත්‍යවරයා  ඉදිරි අයවැය තුළින් අධ්‍යාපනයට සුවිශේෂ වෙනසක් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.
     ප්‍රාථමික, ද්විතීයීක සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් කප්පාදු කළ මුදල් නැවත වෙන් කර අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම රටක් බවට පත් කිරීම තමයි රජයේ අරමුණ බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
    මෙම අවස්ථාවට කොළඹ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී තරංග අතුරලිය මහතා ද එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya