අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව පළාත් සභාවට නව මන්ත්‍රීවරයෙක්

    ඔක්තෝබර් 05, 2015
    සබරගමුව පළාත් සභාවේ නවක මන්ත්‍රීවරයෙකු ලෙස අතුල හඳගම මහතා පසුගියදා කෑගල්ල ප්‍රධාන අමාත්‍ය උප කාර්යාලයේ දී පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
     
    පසුගිය මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ සබරගමුව පළාත් සභාවේ උප සභාපති ධුරය දැරු  දුෂ්මන්ත මිත්‍රපාල සහ පළාත් සභා මන්ත්‍රී ධුරය දැරු තාරක බාලසූරිය යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරී පත් වීම නිසා පළාත් සභා මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩු ඇති විය. ඉන් එක් ධුරයක් සඳහා මීට පෙර අජිත් ශාමින්ද මහතා දිවුරුම් දෙනු ලැබීය. 
     
    පසුගිය පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අතුල හඳගම මහතා ඉදිරිපත් වූ අතර එම පළාත් සභා මැතිවරණයෙන් මනාප ලැයිස්තුවේ ප්‍රමුඛත්වය මත මෙම පළාත් සභා මන්ත්‍රී ධුරය හඳගම මහතාට හිමි විය.
     
    අතුල හඳගම මහතා මෙයට පෙර රඹුක්කන ප්‍රා‍දේශීය සභාවේ සභාපති ධුරය දරනු ලැබීය. හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙක් ද වෙයි.
     
    මෙම අවස්ථාවට කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් කපිල පෙරේරා, සභා ලේකම් පාලිත නානායක්කාර යන මහත්වරු ද එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya