අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ගුරු දිනය අද

    ඔක්තෝබර් 05, 2015

    ලෝක ගුරු දිනය අදට (05) යෙදී තිබේ. මෙවර ලෝක ගුරු දිනයේ තේමාව වන්නේ “තිරසාර සමාජයක් ගොඩනැඟීමට ගුරුවරුන් සවිබල ගැන්වීම“ යන්නයි.

    ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කර ඇත්තේ යුනෙස්කෝ ආයතනය විසින් ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුණේ එදින බැවිනි. ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනි දා ය. ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබූයේ 1994 ඔක්තෝම්බර් 6 වැනිදා වීම ඊට හේතුවයි.

     

    ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව ලබන්නේ, ගුරුවරයා පමණකි.

     

    සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya