මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාභාවික වනාන්තර ආශ්‍රිත ලොව හොඳම සංචාරක නිකේතනයට හිමි සම්මානය එලිෆන්ට් රීච් දිනාගනී

    ඔක්තෝබර් 05, 2015

    අන්තර්ජාතික ‘ලෝන්ලි  ප්ලනේට්‘ සඟරාව විසින් 2015 වසරේ ස්වාභාවික වනාන්තර ආශ්‍රිත ලොව හොඳම නිවාඩු නිකේතනය ලෙස යාල එලිෆන්ට්  රීච් සංචාරක නිකේතනය තෝරාගෙන ඇත. මෙවන් අන්තර්ජාතික ඇගයිමකට ලක්වූ ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම සංචාරක  නිකේතනය වන්නේද එලිෆන්ට්  රීච් ආයතනයයි.



    ඉන්දියානු ලෝන්ලි  ප්ලනේට් සඟරාවේ කතෘ  වර්ධන් කොන්දිව්කාර් මහතා පවසන ආකාරයටල මෙම තරගය සඳහා නිර්දේශිත නාමයන් ලබාගෙන ඇත්තේ, ලොව පුරා විසිරි සිටින සුපිරි ගනයේ සංචාරක පහසුකම් සපයන ආයතනයන්හි විද්වතුන් හා උපදේශකයන්ගෙනි. ඉන් අනතුරුව සඟරාව පැවැත්වූ විශේෂිත පාඨක චන්දයකින් ජයග්‍රාහකයින් තෝරාගෙන ඇත.

     

    ලෝන්ලි  ප්ලනේට් සඟරාව මෙම තරගයේ දී අනුගමනය කළ සුවිශේෂී තීරක ක්‍රමවේදය මත,  තරගයේ ජයග්‍රාහකයින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තුරු කිසිඳු නිර්දේශිත ආයතනයකට තමන් තරගය සඳහා නිර්දේශ වී ඇති බව දැනගැනීමට ලැබී නොමැත.  ජයග්‍රාහකයින් තීරණය කිරීමේ දී හෝටල් වලට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රතිචාර කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමුකරනු ලබයි.

     

    තරගයේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් යාල එලිෆන්ට්  රීච් හෝටලයේ  කළමනාකර අධ්‍යක්ෂක මාලිංග ප්‍රනාන්දු මහතා කියා සිටියේ,  “අප ගනුදෙනු කරුවන් වෙත ලබාදෙන අනර්ඝ සේවා තත්වයට හේතුව වී ඇත්තේ අප කාර්යය මණ්ඩලයේ පුහුණුවත්  නිරන්තර කැපවීමත් වන අතරම සංචාරකයින්ගේ ප්‍රතිචාර කෙරෙහි ද ආයතනය නිරන්තර අවධානයෙන් පසුවන බව හා මෙවන් සුවිශේෂී අන්තර්ජාතික ඇගයීමකට ලක්වීම පිළිබඳව ආඩම්බර වන බවත්“ ය.


     
    දෙස් විදෙස් සංචාරකයින්ගේ අවශයතවයන් හි කොටස්කරුවෙකු වීමට ලැබීමෙන් ‘ලෝන්ලි  ප්ලනේට්‘ සඟරාව ජයග්‍රාහී සිව්වන වරට සංවිධානය කළ මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට යාල එලිෆන්ට් රීච් සංචාරක නිකේතනයට හැකිවීම  පිළිබඳව ඔවුන් සිය සේවාලාභීන් වෙත ස්තුතිවන්ත වන අතර අනාගතයේ දී ලොව හොඳම සේවා සැපයීමට ද අදිටන් කර සිටියි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya