අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රිය අනතුරකින් මියගිය පුද්ගලයාගේ ශරීරයේ කොටස් සිය කැමැත්තෙන් ලබාදෙන බවට වූ වගන්තියක් රියදුරු බලපත‍්‍රයට ඇතුළත් කිරීමට අවධානය

    ඔක්තෝබර් 02, 2015

    රිය අනතුරක් හේතුවෙන් කිසියම් පුද්ගලයෙකු මියගියහොත් එම පුද්ගලයාගේ වකුගඩු ඇතුලු ශරීරයේ අනෙකුත් කොටස් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය කැමැත්තෙන් ලබාදෙන බවට වූ වගන්තියක් රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීෙමි දී ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.

    විදේශීය රටවල මෙම වැඩපිළිවෙල සිදු කර අවයව බද්ධ කිරීෙමි සැත්කම් සාර්ථකව සිදු කරන බව සඳහන් වෙයි.
    මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කළ හැකි ක‍්‍රමෙවිදය පිළිබඳව වාර්තාවක් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙස පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප‍්‍රධානීන්ගේ ප‍්‍රධානත්වයෙන් මාසිකව පැවැත්වෙන රැස්වීෙමේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, දොස්තර රාජිත සේනාරත්න මැතිතුමා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

     

    මේ පිළිබඳ නිලධාරීන් අතර දිර්ඝ ලෙස සාකචිඡාවට බදුන් වූ අතර, අවයව බද්ධ කිරීෙමි සැත්කම් සාර්ථකව සිදුකිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.



    අවයව බද්ධ කිරීෙමි ක‍්‍රීයාවලිය දැනට දිවයිනේ රෝහල් කිහිපයක සාර්ථකව සිදුකෙරෙයි. ඒ සඳහා එක් රෝහලක එක් වෛද්‍ය නිලධාරියෙකු නම්කර එම නිලධාරියාගේ අධීක්ෂණය යටතේ එම බද්ධ කිරීෙමි කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

     

    ඒ සඳහා වෛද්‍ය නිලධාරීන් 19 ක් පත් කර ඇත. ඔවුන්ගේ රාජකාරී කටයුතු සඳහා වාහන හිඟයක් ඇති බැවින්, ලීසිං ක‍්‍රමයට වාහන මිලදී ගෙන ඔවුන්වෙත ලබාදෙන මෙන් අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දෙන ලදි.

     

    තවද වකුගඩු හා අක්මා බද්ධ කිරීම පිළිබඳ මාර්ගෝපදේශ මේ වනවිට සකස් කර ඇති බව ද මෙහිදී අමාත්‍යාංශ නිලධාරින් විසින් පෙන්වා දෙන ලදි.

     

    එමෙන්ම පොළොන්නරුව මහ රෝහලට යාබදව අංග සම්පුර්ණ වකුගඩු රෝහලක් ඉදිකිරීමට ද නියමිතය. මැදවචිචිය, පදවිය, ත‍්‍රීකුණාමලය, මහියංගණය යන ප‍්‍රදේශවල රෝහල්වල ද වකුගඩු රෝග ප‍්‍රතිකාර ඒකක ආරම්භ කිරීමට ෙමි වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇති අතර, දැඩි සත්කාර ඒකකයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන් දැනට මාස 08 ක පමණ කාලයක් වකුගඩු බද්ධ කිරීම් නවතා දමා තිබෙන මාලිගාවත්ත වකුගඩු රෝහලේ අලුත්වැඩියා කටයුතු ලබන මස වනවිට අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අදාල අංශවෙත උපදෙස් ලබාදෙන ලදි. එම රෝහලේ අපිරිසිදුතාවය පිළිබඳව මහජන පැමිණිලි ලැබී ඇති බැවන් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදුන්නේය.


    මේ අතර කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් නිසි අයුරින් සිදු කිරීම සඳහා වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මෙහිදී තීරණය කෙරුනි. දැනට එම රෝහලේ හදවත් සැත්කම් පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 110 කි. විශේෂඥ වෛද්‍ය ඒකක සඳහා අවශ්‍ය පරිදි වෛද්‍යවරුන් ලබාදීමට ද මෙහිදී තීරණය විය.

     

    මේ පිළිබඳව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී ද කරුණු අනාවරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya