අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2016 දී සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ රැසක්- අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න

    ඔක්තෝබර් 01, 2015

    වසර 2016 දී සෞඛ්‍ය සේවයේ විශාල ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් මෙවර අයවැයෙන් සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කෙරෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව පැවසී ය.

    බෝ නොවන රෝග පිළිබඳව පවතින වර්තමාන තත්ත්වය හා මදුරු මර්දනය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති පියවර
    සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.


    මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහතිකයක් නිකුත් කරනවා.ශ්‍රී ලංකාව
    මෙන් ම මාලදිවයින මැලේරියා වසංගතයෙන් නිදහස් වී තිබෙනවා.

    ජනවාරි 08 වෙනිදා පොරොන්දු වූ බොහෝ දේ නිමකර තිබෙනවා. දුම්කොළ පනත ක්‍රියාත්මක කර තිබෙනවා. ඖෂධ පනත
    මාර්තු මස පාර්ලිමේන්තුවට ගෙනාවා. එකපාර ගෙනාවට ක්‍රියාත්මක වෙන්නේ නෑ. කයිවාරු ගහලා කරන්න පුළුවන් දේවල් නොවේ,මේවා.

    මේ සඳහා ඖෂධ අධිකාරියක් හදන්න ඕනෑ. රෙගුලාසි හදලා ක්‍රියාත්මක කළාම ඖෂධවල මිල පහළ මට්ටමකට එනවා. ඉදිරියේ දී එය
    ක්‍රියාත්මක කරනවා.

    රාත්‍රි දහය වෙනකම් රෝහල් 23ක බාහිර රෝගී අංශ විවෘතතව තිබෙනවා. ඖෂධ හිඟයක් දැන් නෑ.වසර 2016 දී විශාල
    ප්‍රතිසංස්කරණයක් සෞඛ්‍ය සේවාවට ගෙන එනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    ඡායාරූපය- යමුනී රශ්මිකා පෙරේරා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya