අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැබිනි මාතාවන්ගේ පෝෂණ වැඩ සටහනට තවත් මිලියන 1500 ක්

    ඔක්තෝබර් 01, 2015
     
    ගර්භනී මාතාවන්ට රු.20,000 ක් වටිනා පෝෂ්‍යදායි ආහාර මල්ලක් ලබා දීමේ වැඩ සටහනට තවත් රුපියල් මිලියන 1500 
    ක ප්‍රතිපාදන ලබා දීමට අමාත්‍ය මණ්ඩලය එකඟවී ඇත. මෙම වැඩ සටහන පසුගිය දින 100 යටතේ සාර්ථකව නිම කර 
    ඇත. රුපියල් 2000 ක් වටිනා වන මෙම පෝෂණ මල්ල මාසිකව ගර්භනී සමයේ මාස 06 ක් සහ දරුවා ඉපදීමෙන් පසු මාස 
    04 ක් දක්වා ලබා දීමට කටයුතු යොදා ඇත.
    සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මව්වරුන් 400,000 ක් ඉලක්ක කරගෙන මෙම වැඩ සටහන කාන්තා හා ළමා කටයුතු 
    අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ අධීක්ෂණයෙන් සිදු වේ. ජුනි මාසය වන විට 113,249 ක් මව්වරු මෙම වැඩ 
    සටහනට සහභාගී වී ඇත.
     
    මෙම රුපියල් මිලියන 1500 ක මුදල ඉදිරියේදී ක්‍රමවත්ව මෙම පෝෂණ වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට යොදවන ලෙස 
    කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී ඇත.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya