අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දකුණු ආසියානු කලාපයේ මානව සම්පත් විශිෂ්ටත්ව සම්මානය" ශ්‍රීලංකන් ගුවන් සමාගමට

    ඔක්තෝබර් 04, 2015
     
    ජාතික ගුවන් සේවාව වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් කළමනාකරණ අංශය මානව සම්පත් කළමනාකරණ සම්මාන උළෙලේ දී  “දකුණු ආසියානු කලාපයේ මානව සම්පත් විශිෂ්ටත්ව සම්මානය‘‘ යන සුවිශේෂී සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. 
    මෙම සම්මාන උළෙල ඉන්දියාවේ දී උත්සවාකාරයෙන් පැවැත්විණි. දකුණු ආසියානු කලාපයේ බොහෝ ආයතන අභිබවා යමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම ජයග්‍රහණය හිමිකර ගන්නා ලදී. 
     
    මානව සම්පත් කළමනාකරණ සමාජය (SHRM) මානව සම්පත් කළමනාකරණය සඳහා  කැපවීමෙන් ක්‍රියාකරන ලොව විශාලතම මානව සම්පත් සාමාජිකත්ව සංවිධානය වන අතර එය 1948 ස්ථාපිත කර ඇත.  මෙම සම්මාන උළෙලට රටවල් 160 ක් නියෝජනය කරමින්  සාමාජිකයන් 275,000 කට වැඩි පිරිසක් ඇතුලත් වී ඇත.  එසේම මෙම සංවිධානය මානව සම්පත් වෘත්තිකයන් හා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය පුහුණු ඉදිරියට ගෙන යාම සඳහා මූලිකත්වය ලබාදෙන ප්‍රධාන නියාමකයා ද වන්නේය. 
     
    මෙම සම්මානය ගුවන් සමාගමට හිමි වූයේ මානව සම්පත් සංවර්ධන දැක්ම, ප්‍රතිපත්ති,  නව්‍යතා සහ එහි ක්‍රියාශීලී මානව සම්පත් උපාය මාර්ග සඳහා වටිනාකම් එකතු කිරීම තුළින් ගුවන් සමාගමේ ව්‍යාපාර අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ පුද්ගලයන්ගේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම යන කරුණු සාධක පදනම් කරගෙන ය. 
     
    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල මහතා ප්‍රකාශ කර සිටියේ  මෙම සම්මානය ලබාදුන් මානව සම්පත් කළමනාකරණ සමාජය (SHRM)  , ලෝකයේ ප්‍රමුඛතම මානව සම්පත් උපදේශන සහ ප්‍රශස්ත මානව සම්පත් භාවිතයන් පිළිබඳ ප්‍රවීණත්වය දරන සමාජයක් වීම සුවිශේෂී කරුණකි. එසේම මෙය ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ක්‍රියාත්මක කර ඇති නව්‍යතාවයෙන් යුතු වූ මානව සම්පත් භාවිතයන් , ව්‍යාපාර සබඳතා සහ මානව සංවර්ධන ව්‍යාපෘතීන් වල ඇති වටිනාකම  පිළිඹිබු කරන සම්මානයක් වීම ද තවත් වැදගත් කරුණක් බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙම ජයග්‍රහණය හිමිවීම තුළින් දකුණු ආසියානු කලාපයේ පුරෝගාමී සහ නව ප්‍රවණතා ඇති ගුවන් 
    සේවයක් ලෙසට ශ්‍රීලංකන් ගුවන් සමාගම හඳුනාගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
     
    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශය 2012 වසරේදී රාජ්‍ය ව්‍යාපාර අංශය යටතේ පැවති මානව සම්පත් කළමනාකරණ සම්මාන උළෙලේ දී රිදී පදක්කම දිනාගනු ලැබීය.  එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගම 2014 වසරේ දී සිංගප්පූරුවේ දී පැවත් වූ පස්වැනි ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක වෙළඳ නාම  සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ව්‍යාපාර උපාය මාර්ග යටතේ ව්‍යාපාර උපායමාර්ග සඳහා සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම  2014 පුද්ගල සංවර්ධන සම්මාන උළෙලේ ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනයේ (SLTAD) රන් පදක්කම ද ,2013 ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) බලයලත් ප්‍රමුඛ පුහුණු ආයතන 10ට ශ්‍රීලංකන් ජාත්‍යන්තර ගුවන් සේවා ඇකඩමිය ඇතුළත් වී ඇත. 2014 වසරේ ආයතනික සමාජ වගකීම (CSR)  යටතේ ආසියා ව්‍යවසාය වගකීම් සම්මානය  ද ශ්‍රීලංකන් ගුවන් සමාගමට හිමිවිය.
     
    AP
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya