අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ළමා දිනය අද යි

    ඔක්තෝබර් 01, 2015

    ලෝක ළමා දිනය අදට (ඔක්තෝබර් 01) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “ළමා මිතුරු පරිසරයක්, ලොව බබලන සොඳුරු ‍දැයක්“ යන්න ය.

    1954 දෙසැම්බර් 14 වන දින එක්සත් ජාතින්ගේ මහාමණ්ඩල රැස්වීමේදී සම්මත වූ යෝජනාවට අනුව ලෝක ළමා දිනය සැමරීම ඇරඹිණ. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත කර ගැණුනේ, 1989 නොවැම්බර් 20 වනදා ය. එම ප්‍රඥප්තියට අනුව, නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස, අවුරුදු 18 ට අඩු සියලු මනුෂ්‍යයන්,ළමුන් ලෙස සැලකේ.

     

    ළමා දිනය නිමිත්තෙන් පවත්වන ජාතික උත්සවය අද යාපනයේ වීරසිංහම් ශාලාවේ දී පැවැත්වේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය විසින් මෙය සංවිධානය කර ඇත. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස කාන්තා හා ළමා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර , ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මීහු සහභාගී වෙති.

     

    දරුවා පිළිබඳ පළමු රැකවරණය දෙමව්පියන්  කෙරෙන්ද, දෙවනුව ගුරුවරුන් කෙරෙන්ද, තෙවනුව වැඩිහිටියන් සහ සමාජය කෙරෙන්ද සැලසිය යුතු බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදෙන ළමා දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ  දරුවා සියලු ආකාරයේ ආපදා හා අපයෝජනවලින් මුදාගැනීම දෙමව්පිය වැඩිහිටි සැමගේ බැරෑරුම් වගකීමක් වන බවයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya