අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වර්තමානයේ වැඩිහිටි සමාජය රැකගන්නේ කෙසේද යන්න පිළිබද දැනුවත් කිරීමක්

    සැප්තැම්බර් 30, 2015
     
    ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය වසරින් වසර වැඩිමක් පෙන්නුම් කරන අතර තරුණ ජනගහණය ඒ හා සමානව අඩුවීමක් දක්නට ඇත. ඒ නිසා රටේ ශ්‍රම බලකාය වන තරුණ පිරිසට වැඩිහිටියන් බලා ගැනීම සදහා වන කාලයේ මද බවක් පෙනෙන්නට ඇත. මේ තත්ත්වය අවබෝධ කර ගෙන වැඩිහිටියා තම ආකල්ප වෙනස් කරගත යුතු බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා පැවසීය.
    ඒ මහතා මෙම අදහස් පළ කලේ ඔක්.01 වන දිනට යෙදෙන ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් "සමාජ අර්බුද රැසක් පවතින වර්තමානයේ වැඩිහිටි සමාජය රැකගන්නේ කෙසේද යන්න පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවේදීය. 
     
    දරුවන්ගේ හා වැඩිහිටියන්ගේ ආකල්ප වෙනස් කිරීම් තුළින් ඔවුන්ගේ ගැටළුවලට විසදුම් සෙවීමට කටයුතු කළයුතු බවද සභාපතිවරයා මෙහිදී පැවසීය.
     
    ශ්‍රී ලංකාවේ 1971 සිට 2014 දක්වා උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 63- 74 දක්වා  වේ. නමුත් රජය හෝ සංවිධානාත්මක රක්ෂණ ක්‍රමවලින් වැඩිහිටියන් බලා ගන්නා රටවල පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 81-83 දක්වා අගයක පවතී.  අපට වඩා විශාල ආසියාතික රටවල් ගත්විට ඒවායේ ආයු අපේක්ෂාව අවුරු 66- 75 දක්වා වේ.මේ අනුව බලනකල රජයෙන් වැඩිහිටියන් බලාගැනීම හෝ ඒ සදහා රක්ෂණ ක්‍රම නොමැති රටවල් අතුරින්  ශ්‍රි ලංකාව පවතින්නේ ඉතා ඉහළ තත්ත්වයක බව පෙනී යයි. මෙයට ප්‍රධාන හේතුව බුදු දහමේ ආභාෂය නිසා වැඩිහිටියන්ට සැලකීමට දුදරුවන් ඉදිරිපත් වීම නිසාය.
     
    නමුත් පසුගිය අවුරුදු 40 ක කාලය තුළ කුඩා පවුල් ඒකක සංකල්පය නිසා පවුල් කුඩා වු අතර  එම කුඩා පවුල් වලටද ජීවත් වීම සදහා දෙදෙනාටම රැකියා කිරීමට සිදුවි ඇත.මේ නිසා දෙමාපියන් බලා ගැනීමට වැඩි කාලයක් ගත කිරීමට දරුවන්ට කැමැත්ත තිබුනද ඒ සඳහා කාලය හරස් වී ඇත. මෙම තත්ත්වය අවබෝධකර ගෙන වැඩිහිටියා තම ආකල්ප වෙනස් කර 
    ගතයුතුයි. වසර 40 කට 50 කට පෙර වැඩිහිටියන්ට සැලකු ආකාරයට වර්තමානයේද සැලකුම් බලාපොරොත්තු වීමත් එය නොලැබීමත්, හුදකලා වීමත් නිසා  බොහෝ වැඩිහිටියන් මානසිකව අසහනයට පත් වේ.  වැඩිහිටියන් මෙම තත්ත්වය තේරුම් ගතහොත් ඔවුන්ට  තම දරුවන් සමඟ සතුටින් ජිවත් වීමට හැකිවනු  ඇතැයිද බෞද්ධ මහා සම්මේලනයේ  ජාතික 
    සමාජසේවා මණ්ඩලයේ සභාපති  වසන්ත සේනානායක මහතා පැවසීය.      
     
    එමෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වැඩිහිටියන් බලා ගැනීම පිළිබද මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුය.  එනම් අනෙකුත් දියුණු රටවල් මෙන් වයස අවුරුදු 70 න් පසු පුර්ණ වශයෙන් බලා ගැනීමේ වගකීම හා ඔවුන්ගේ නඩත්තුවට අනිවාර්ය රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම පිළිබද සංවාද ඇති කිරීමට කාලය එළඹී ඇති බවද  සේනානායක මහතා තවදුරටත් පැවසීය. 
     
    බෞද්ධ මහා සම්මේලනය  මගින් මෙම වැඩිහිටියන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස හා ගිලන් භික්ෂු විවේකාරාම 8 ක් මේවන විට ස්ථාපිත කර ඇත. ඊට අමතරව පිටස්තර පුද්ගලයන්ගෙන් දාන භාර නොගන්නා නිවැසියන්ගෙන් මුදල් අය කරන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයක්ද මාළඹේ පිහිටුවා ඇත. මෙම නිවාස පාලනය කරනු ලබන්නේ එම වැඩිහිටි නිවාස පිහිටා 
    ඇති ප්‍රදේශයේ සාමාජිකයන්ගෙන් තෝරා ගත් ස්වේච්ජා පාලන මණ්ඩලයක් මගිනි.  නමුත් වර්තමානයෙහි මෙම නිවාස පාලනය කිරීම සදහා කමිටු සාමාජිකයන් නොමැති වීම කණගාටුදායක කරුණක් බවත් සේනානායක මහතා පැවසීය.
     
    එසේම අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල, විශ්‍රාම අරමුදල් වල ඇති මුදලින්  වසරකට 1% ක් වැඩිහිටියන් වෙනුවෙන් යෙදවුවහොත්  ඉඩ පහසුකම් ලබා දිය හැකි වැඩිහිටියන් ප්‍රමාණය 20,000 ක් වේ.වැඩිහිටියන් සදහා ඉඩ පහසුකම් සැලසීමෙන් පසු අර්ථ සාධක අරමුදලේ ශේෂයෙන් වසරකට 0.3% වෙන් කිරීමෙන් වැඩිහිටියන් 20,000 ක්  රැක බලාගත හැකිවනු ඇත.
     
    AP
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya