අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කියුබාවේ තානාපති සහ අමාත්‍ය දයා ගමගේ හා නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ අතර හමුවක්

    සැප්තැම්බර් 30, 2015

    කියුබාවේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ෆ්ලොරෙන්ටිනෝ බැටිස්ටා (Florentino Batista) මහතා ඊයේ (29) පස්වරුවේ  ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛණිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය හමුවූහ.

    නව රජයේ ප්‍රාථමික කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය වෙත සිය සුභපැතුම් එක්කළ කියුබානු තානාපතිවරයා එම දෙපළගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය ආශිර්වාදය ද එක් කළේය.

     

    ඉදිරියේ දී ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මඟින් දියත් කිරීමට නියමිත වැඩසටහන් සඳහා තම රජයේ පූර්ණ සහාය ලබා දීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට තමා අපේක්ෂා කරන බව ද තානාපතිවරයා මෙහිදී කියා සිටියේය.

     

    මෙහිදී අදහස් දැක්වූ දයා ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ මෙරට වගා කෙරෙන අපනයන බෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපොළ පුළුල් කිරීමේ ක්‍රියාවලියේ දී කියුබාව ඇතුළු කලාපීය රටවල සහාය ද ඉතා වැදගත් වනු ඇති බවයි.

     

    මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාතුමාගේ උපදේශක ආචාර්ය අරුණ කුලතුංග මහතා ඇතුළු දෙපාර්ශවයේ නියෝජිතයින් පිරිසක් ද සහභාගීව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya