අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අමාත්‍යවරයා ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරයි

    සැප්තැම්බර් 29, 2015

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සිය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ප්‍රධානීන්ගේ පළමු රැස්වීම අද (29) පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණනාගරයේදී පැවැත්විය.

    මාසික ආයතන ප්‍රධානීන් රැස් කර ආයතනවල වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් එහිදී ඉලක්ක ගත වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ඒ ඒ ආයතනවල සංයුක්ත සැලැස්ම අනුව මෙම වසරේ ක්‍රියාකාරී සැලැස්ම හා මේ දක්වා වන ක්‍රියාත්මක ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් විය.

    රජයේ ප්‍රවෘත්තු දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සී/ස ස්වාධීන රූපවාහිනී සේවය, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, රාජ්‍ය මුද්‍රණ සංස්ථාව, ජාතික චිත්‍රපට සංස්ථාව, සැලසිනේ රූපවාහිනී ආයතනය, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, සී/ස ලංකාපුවත් ආයතනය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය, මහින්ද රාජපක්ෂ ටෙලිසිනමා ගම්මානය, යන ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya