අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම් මට්ටමින් අධි තාක්ෂණික කෘෂිකාර්මික කලාප ඇති කිරීමේ සැලසුමක්

    සැප්තැම්බර් 29, 2015
     
    ගම් මට්ටමින් අධි තාක්ෂණික කෘෂිකාර්මික කලාප ඇති කර ගෙවත්ත අපනයන වෙළඳපලට විවෘත කරන බවත් රටේ අපනයන ආදායම දෙගුණ කිරිම සඳහා කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදනවල දායකත්වය ලබා ගැනිමට කටයුතු කරන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා පැවසීය.
    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ  පසුගිය දා මාතලේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංචාරයකට එක් වෙමිනි.
     
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නව අමාත්‍යාංශයක් ලෙස ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හදුන්වා දෙමින් තමාට එම අමාත්‍යාංශ භාර දිම තුළින් බලාපොරොත්තු වන්නේ මේ රටේ නිෂ්පාදනය වැඩි කොට අපනයන ආදායම ඉහල නංවා ස්වංය පෝෂිත ආර්ථිකයක් කරා ගෙන යාම බවත් ඒ සඳහා පවතින නිෂ්පාදනය දෙගුණ කිරිමට කටයුතු කළ යුතු බවත්අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    ඉදිරි වසර 05 තුළ මත්තල ගුවන් තොටුපලින් යන ගුවන් යානා අපේ නිෂ්පාදනවලින් පුරවා යැවිමට අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා තිබෙන සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යොදා ගතයුතු අතර  නිලධාරින් වන ඔබට අවශ්‍ය දැනුම ඔබ සතුව පවතී. අවශ්‍යතා අනුව දැනුම දේශියව මෙන්ම විදේශියවද ලබා දිමට තමා කටයුතු කරන බවත් එම දැනුම රටේ නිෂ්පාදනය වැඩි කිරිමට දායකකර ගත යුතු බවත් තවදුරටත් අදහස් දක්වමින් දයා ගමගේ මහතා පැවසීය.
     
    නිෂ්පාදන තත්වය ඉහල නංවා නිෂ්පාදන පිරිවැය අවම කළ යුතු අතර ඒ තුළින් දේශිය ගොවියා ආරක්ෂා කරමින් විදේශ විනිමය උපයන ආයතනයක් බවට පත් කිරිමට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.
     
    මෙම අවස්ථවට එක්වෙමින් අදහස් දැක්වූ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එන්.ඒ.කේ. රූපසිංහ මහතා කියා සිටියේ මෙම දෙපාර්තමේන්තුව අද වන විට දිස්ත්‍රික් 14ක් දක්වා ව්‍යාප්ත වී ඇති බවත් දැනට අපනයන බෝග වර්ග 16 ක් නිෂ්පාදනය කරන බවත්ය.  
     
    නිෂ්පාදනයට අවශ්‍ය උපදෙස් ,දැනුම, සහනාධාර පහසුකම් ලබා දෙන අතර 2014 වර්ෂයේ හෙක්ටයාර් 10,96,90 ක අපනයන බෝග වගා කර  ඒ තුළින් රුපියල් මිලියන 40,000 ක අපනයන ආදායමක් ජාතික නිෂ්පාදනයට එකතු කර ඇති බවත් පැවසු අධ්‍යක්ෂ ජනරාල්වරයා 2020 වන විට අපනයන ආදායම රුපියල් මිලියන 80,000 ක් දක්වා දෙගුණ කිරිමට සැලසුම් සකස් කොට ඇති බවත් පැවසීය.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya