නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම ශතයක් ම ජනතාවට දෙන යුගයක් ආරම්භ කර තිබෙනවා

    සැප්තැම්බර් 24, 2015

    හිතන්න බැරි අයවැයක් ඉදිරිපත් කරන බවත් රුපියල් ශත වෙන සාක්කුවලට ගිය යුගය අවසන් කරලා,සෑම ශතයක් ම ජනතාවට දෙන යුගයක් ආරම්භ කර තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.


    ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනතට අදාළ යෝජනා හයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ විවාදයේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙ බව ප්‍රකාශ කළේ ය.

     

    අලුත් දේශපාලන සංස්කෘතියක් තිබෙන අවස්ථාවක,පසුගිය දේශපාලන සංස්කෘතිය නැවත වමාරන්නට අවශ්‍ය නෑ. මෙවැනි දේශපාලන හැසිරීමක් තුළ අපිට අතීතය අමතක වී නෑ. ජනවාරි 08 දින මේ රටේ අලුත් දේශපාලන සංස්කෘතියක් බිහි වුණා. ලෝකයම අප දෙස බලනවා අලුත් රටක් බිහිවී තිබෙනවා කියලා. එම අලුත් රටේ අප කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ දායාදය ඉදිරියට ගෙන යාමයි.

     

    ආර්ථිකයට සිදු වී තිබෙන අපරාධය යටපත් කරන්නට බෑ. ඒ බර අරන් අපි ඉදිරියට යන්නම්. සෑම සතයක් ම ජනතාව වෙනුවෙන් ලබාගන්නට පුළුවන් නම් ජනතාවගේ බදු බර අඩුවීමක් වෙනවා. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කර තිබෙනවා.


    අයවැයක් එනවා නොවැම්බර් මාසයේ විසිවෙනිදා, හිතන්න බැරි අයවැයක් අපි ඉදිරිපත් කරනවා. ජීවන බව අපි අඩු කරනවා. අනවශ්‍ය දේ නැති කරනවා. රට අලුත් ගමනක් ගෙනි යන්නට පුළුවන් ගමනක් සඳහා සියලු දෙනාගේ අදහස් ඉල්ලනවා.

     

    මෙය ඔබේ රටයි. අපි තාවකාලික පරිපාලනයක් ගෙනි යන්නේ. අපිට අවශ්‍ය පිරිසිදු පාලනයක් ගෙනියන්නයි.රුපියල් ශත වෙන සාක්කුවලට ගිය යුගය අවසන් කරලා,සෑම ශතයක් ම ජනතාවට දෙන යුගයක් ආරම්භ කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya