මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම දිස්ත්‍රික්කයේ වී මිලදි ගැනිම කඩිනමින්

    සැප්තැම්බර් 20, 2015

    පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ  වී මිලදී ගැනීමේ කටයුතු මේ දිනවල වී අලෙවි මණ්ඩලය මගින් කඩිනමින් සිදු කරනු ලබයි. මේ වන විට වී මෙට්ට්‍රික් ටොන් 3938ක් මණ්ඩලය විසින් මිලදී ගැනීමට සැලසුම් කර ඇත. එම වී තොග වී මිලදි ගැනීම සඳහා  රජය රුපියල් මිලියන 178 .507ක මුදලක් වෙන් කර තිබේ.

    එමෙන්ම වී අලෙවි මණ්ඩලය මගින් නාඩු වී මෙට්ට්‍රික් ටොන් 3683 ක් මිලදි ගෙන ඇති අතර, ඒ සඳහා රජය මගින් රුපියල් මිලියන 165 ක් වියදම් කර ඇත. සම්බා වී මෙට්ට්‍රික් ටොන් 254ක් වී අලෙවි මණ්ඩලය මගින් ලබා ගෙන ඇති අතර, ලබාගත් වී තොගයේ වටිනාකම රුපියල් මිලියන 12 කි.

     

    ඒ අනුව මේවනවිට පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවීන් 2068දෙනෙකුගෙන් වී මිලදි ගෙන ඇති අතර, තබ්බෝව , ආණමඩුව, රාජකදළුව යන ගබඩා වී ගබඩා කිරීම සඳහා යොදාගෙන ඇත.

     

    JHS_dmu_Puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya