අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් ගුවන් සමාගම අඛණ්ඩ සේවක සංවර්ධනය සඳහා ආයෝජනයක් අරඹයි

    සැප්තැම්බර් 20, 2015

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය සේවක කුසලතා වර්ධනය කරමින් ඔවුන්ට උසස් ජීවන තත්වයක් ඇතිකර දීම සඳහා නිරන්තරයෙන් ඇපකැප වී සිටින අතර සිය ගුවන් සමාගමේ වෘත්තිකයන්ගේ හැකියාවන් දිරිමත් කර ඉදිරියටත් වර්ධනය කිරීම සඳහා  නව වැඩසටහන්ද සකස් කර තිබේ.  

    ඒ අනුව යෝජිත අරමුදල්  මගින් ඔවුන්ගේ පශ්චාත් උපාධි උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය හැදැරීම සඳහා අත්වැලක් ලබාදීම සිදුකරනු ලබයි. ගුවන් සමාගමේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන (CPD) යටතේ මෙම අවස්ථාව සලසා දී තිබේ.  

     

    මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ඉහළ කුසලතා සපිරි වෘත්තීය ශ්‍රම බලකායක් බිහිකර ගැනීම  වන අතර එමගින් ආයතනයේ ප්‍රගතියට ස්වයං සංවර්ධන ධනාත්මක දායකත්වයක් ඔවුන්ගෙන්  ලබා ගැනීමයි. එසේම මෙය ඉතා තරගකාරී සහ ක්‍රියාශීලී ගෝලීය ගුවන් ක්ෂේත්‍රයේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා වැදගත්  වනු ඇත.

     

    මෙම අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන (CPD)  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් සංවර්ධන අංශය විසින් පසුගිය වසරේ ජූනි මාසයේදී ආරම්භ කරන ලදී. කාර්ය මණ්ඩලයේ විශිෂ්ඨ දක්ෂතා සහ ඔවුන්ගේ රාජකාරි කටයුතු තවදුරටත් ගුණාත්මක ලෙස වර්ධනය කිරීම සඳහා  අවශ්‍ය දැනුම සහ පුහුණුව සලසා දෙන සත්කාරක ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.

     

    ගුවන් සමාගමේ සේවකයන් සය දෙනෙකු මෙම අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන සඳහා තෝරාගෙන ඇති අතර එලෙස තෝරාගත් සේවකයන් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී රඛිත ජයවර්ධන, ගුවන් සමාගමේ මානව සම්පත් විධායක අධ්‍යක්ෂ කර්නල් සුනිල් පීරිස්, ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මහින්ද හරදාස සහ  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල යන මහත්වරුන් ඉදිරියේ දී ලබාදෙන ලදී.

     

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල මහතා ප්‍රකාශ කර සිටියේ සේවක සංවර්ධනය ගුවන් සමාගමේ මෙහෙයුම් ඉලක්කයේ අවශ්‍ය කොටසක් වන බවයි. එසේම මේ තුළින් සේවකයින්ගේ කුසලතා වර්ධනය කරගැනීම සහ විශිෂ්ඨ වෘත්තිකයන් දක්වා වර්ධනය කිරීමට කදිම පසුතලයක් සපයාදීමට හැකියාව ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්හ. එසේම මේ වන විට ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දක්ෂ වෘත්තිකයන්ගේ හිඟයක් පවතින බැවින් මෙය අනාගතය සඳහා සිදුකරන ලද ආයෝජනයක් බව ද ඒ මහතා සඳහන් කළේය. එසේම අපගේ ආයතනයේ අනාගත හැකියා අවශ්‍යතා සපුරාලීම සඳහා සේවක කුසලතා වර්ධනය අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්හ.  

     

    තවද මෙම  අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන (CPD) මගින් සේවකයින්ට පිළිගත් ජාතික සහ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතන  තුළින් අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා කදිම අවස්ථාවක් වනු ඇත.  එහිදී සාර්ථක අපේක්ෂකයින් සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධන ප්‍රතිපත්ති අනුව පාඨමාලා ගාස්තුවෙන් 75% ක් ගුවන් අරමුදලින් ගෙවීමටද ගුවන් සමාගම කටයුතු කරනු ලැබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya