අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජනමාධ්‍ය සදහා නියාමනයක් අවශ්‍යද? "

    සැප්තැම්බර් 16, 2015
     
    "ජනමාධ්‍ය සදහා නියාමනයක් අවශ්‍යද? " යන මැයෙන් ජනමාධ්‍යවේදීන් සදහා සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මෙහෙයවීමෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    මෙහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ  ලේකම් වජිර නාරම්පනාව මහතා,         ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන සංස්කෘතිය දෙස බලන විට අද අලුත් දේශපාලන, මාධ්‍ය සංස්කෘතියක් ඇතිවන්නට යත්න දරන කාලයක්.එවැනි අවස්ථාවක මෙවැනි සාකච්ජාවක් පැවැත්වීම ඉතා වැදගත්. ජන මාධ්‍ය සදහා නියාමනයක් අවශ්‍යද? නව දේශපාලන සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් මෙය සකස් කල යුත්තේ කෙසේද යන්නත් සලකා බැලිය යුතුයැයිද පැවසීය.
     
    මෙහිදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති  කොග්ගල වෙල්ලාල බන්ධුල, මහාචාර්ය විජයානන්ද රූපසිංහ, සුනන්ද මහේන්ද්‍ර , චන්ද්‍රසිරි රාජපක්ෂ,  රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් විසින් දේශන පැවැත්වුහ.
     
    මෙම සම්මන්ත්‍රණය සදහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දර්ශණි ගුණතිලක මහත්මිය, ජනමාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යා ශිෂ්‍යාවන්, පාසැල් සිසුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වුහ.
     
    AP
     DSC9183
     
     
      DSC9209
     
        

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya